Breaking News

වවිනියාව මාමඩුව වනාන්තරයට තෙවන වරටත් ගිණි තබා වනසයි..

රවීන්ද්‍ර කාරියවසම්

වවිනියාව මාමඩුව කන්ද රජයේ කැලෑ ඉඩමි තෙවන වරටත් 2බ020.10 16 හා 17 යන දෙදින තුල ගිණි තබා විනාශ කර ඇත. වනාන්තරයට ගිණිතැබිම සමිබන්ධව මධ්‍යය විසින් කරන ලද අනාවරණයත් සමග වවිනියාවෙි පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක් 2020.10. 16 වන දින සිදුකල අතර එදින සවසම මාමුඩුව වනාන්තරයේ තවත් අක්කර හයකට පමණ ගිනි තබා විනාශ කර ඇත. මෙි අනුව පසුගිය සති දෙකක කාලය තුල මාමඩුව වනානත්රයේ විනාශ වුන වනාන්ත අක්කර ප්‍රමාණය එකසිය අටක් ඉක්මවනු ලබයි. ප්‍රදේශයේ බඩ ඉරිගු ඇතුලු වාණිජ බෝග වගා කිරීමට මෙන්ම ගල්කොරි සදහා ලබාදීමට මෙම අක්කකර ගණනාවක කැලෑ ප්‍රදේශය ගිනි තබන්නට ඇති බව ප්‍රදේශ වාසින් සැක පල කරන අතර රජයේ වුවමනාව මත මෙය සිදු වන බව ඉතා පැහැදිලිය.

ඉතාමත් රමණිය කන්දක් සෙ තිබු මෙම රජයේ කැලෑ ඉඩම හා පුරා විද්‍යා ස්ථානය වවිනියාවෙි සිට මඩු කන්ද බලා යන මාර්ගයේදි ඉතා හොදින් දැකගැනීමට හැකිය . යුද්ධය පැවති සමයේ පවා ඉතා හොදින් ආරක්ෂා වී තිබු මාමාඩුව කන්ද ප්‍රදේශයේ වනාන්තර යුද්ධය අවසන් වී වසර ගණනක් යන්නට මත්තෙන් වනාන්තර ඉවත් කර ගල් කොරි පවත් වා ගන යාමට අවසර ලබා දි තිබිණි .එයින්ද නොනවති අද වන විට මෙම වනනෙත්ර ප්‍රදේශය කිසියමි පිරිසක් විසින් ගිණි තබා විනාශ කර තිබෙි. ඒ බඩ ඉරුගු ඇතුලි වාණිජ බෝග වගාවක් වෙනුනේ බව ප්‍රදේශ වාසීන් සැක මතුකරයි.. කෙසේ වෙතත් එම විනාශයට සමිබන්ධ කිසිවෙික් අත්තඩංගුවට ගැනීමට කිසිිදු ආයතනයක් හෝ බලධාරියෙක් මෙි වන තෙන්ම කටයුතු කරනොමැත.

මෙලෙස විනාශ කර ඇති කැලෑ ප්‍රදේශය හයවන සියවසයේ ඉදිකල මාමාඩුව පුරාණ වැවෙි ප්‍රදාන ජලපොෂක ප්‍රදේශයයි. එළාර රජසමයේ , දුටුගැමුණු රජසමය, අග්බෝ රජසමය ආදි පුරාණ රජ්‍ය යුගයන්ට අයත් නටබුන් බහුතරයක් මාමාඩුව කන්ද ආශ්‍රීතව හා මාමාඩුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ හමුවන අතර එම නිසාම මෙම ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමින්ද යුක්ත ආරක්ෂා කලයුතු ප්‍රදේශයකි.මහකචිචක්කුඩිය, ඇටබගස් වැව අග්බොපුර ,විමගල්ල ආදී ගමිමාන ඇතුලු ප්‍රදේශයේ ගමිමානවල ප්‍රධාන ජල පොෂක ප්‍රදේශය ලෙස ක්‍රියාත්මක වන්නේ මාමාඩුව කන්ද මහ කැලෑ ප්‍රදේශයයි. ඉතාමත් අඩු වර්ෂාපතනයක් හිමි වවිනියාව දිස්ත්‍රික්කයේ මෙම ගමිමාන වල වැසියන් සිය ගොවිතැන් බත් පොෂණය කරගනු ලබන්නේ වැස්සේන් හා මාමඩුව කන්දේ ජල ගබඩාවෙින් ලබාදේන ජලයෙනි. එමෙන්ම ඉහත පෙන්වා දුන් ප්‍රදේශවල ජනතාව තවමත් තම ගොවිතැන් සඳහා උපකාර කරන ගවයින්ගේ ආහාර අවශ්‍යතාව ඉටුකිරිම සදහාත් අත් වෙදකමට අවශ්‍ය බෙහෙත් ඹෂධ ලබා ගැනිම සදහාත් මෙ වනාන්තර ප්‍රදේශය යුද්ධය ආරමිභ විමට ප්‍රතමවත් , යුද්ධයෙන් පසුවත් භාවිතා කරන ලදි..

හුදකලා කන්දක් ලෙස පවතින මාමාඩුව කන්ද ප්‍රදේශය ගල් කොරි ගණනාවක ලබාදිමට පෙරදි ගන්නා ලද උත්සහය මාමාඩුව ප්‍රදේශයේ හා අවට ගමිමාන වල ජනතාවගේ සහභාගීත්වයෙන් නවතා ගන්නා ලදි.මින් මසයකට පමණ පෙර මාමඩුව කැලයට කිසියමි පිරිසක් විසින් ගිනිතබා විනාශ කිරීමට උත්සහ දැරුවද එයද ජනතා මැදිහත්වීමෙින් නිවා දැමු අතර පසුගිය දිනක රාත්‍රි කාලයේදී මෙි වනාන්තරය⁣ට ගිණිතබා විනාශ කර ඇති අයුරු දක්නට ලැබෙ මෙම ගින්න නිසා මාමඩුවකන්ද ප්‍රදේශයේ අක්කර 98 ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇත. තැනින් තැන පලු , වීර, කොන් , කැට කෑල වැනි විශාල ගස් සහිත භුමයක් ලෙසත් පතන් භූමියක් ලෙසත් මෙම ප්‍රදේශ පුරා ශාක පද්ධතිය විසිරි ඇති අතර හැකි අලි ඇතුන් ගමන් කරන අලි මංකඩක් ලෙසද මෙය හැදින්විය හැකිය. වියලි කලාපිය පාරිසරික පද්ධතියට හුරු කමි කියන මෙම ප්‍රදේශය තුල සංචාරක හා දේශිය පක්ෂි විශේෂ 94 පමණ දැනට හමු වී ඇති අතර ක්ෂිරපායි විවිධත්වය අතින්ද මාමඩුවකන්ද සහ මඩුකන්ද ප්‍රදේශය ඉතාමත් ඉහල අගයක් ගනි..

මෙම ප්‍රදේශය පුරා විහිදි ඇති රතු සහ කහ වර්ණ මිශ්‍ර ලැටරොයිටි පස නිසා ජලයේ අමිලික තාවය වැඩි ඌවත් ශාක පද්ධතිය හා එහි මූල පද්ධතියේපෙරණ ක්‍රියාවලය නිසා ජලය ඉතාමත් පිරිපහදු වී ඇත. ප්‍රදේශයේ වණිජ බොග වගාවන් ව්‍යාප්ත කිරීම සදහා මෙවන් ඉතාමත් අත්‍යවශ්‍ය හා වටිනා පරිසර පද්ධතියක් අදවනවිට විනාශ කරමිනන් ඇති අතර මෙම ලිපිය ලියන මෙහෙත වන විටත් වනාන්තැ තුල තැනින් තැන දුමි නගිමින් ඇත. ආරක්ෂක හමුදා කදවුරු හා පොලිසිය මෙම ප්‍රදේශයට ඉතාමත් ආසන්නව පිහිටා තිබුනත් මෙම ගිණි තැබීම ට අදාළ කිසිවෙක් අත්තඩංගුවට ගැනීමට අදාාල කිසිදු ක⁣ටයුත්තක් කර නොමැති අතර ප්‍රදේශවාසින් එකතු වී ගින්න තමාට හැකි අයරින් පලනය කර නිවා දමා ඇත.මෙලෙස ආරක්ෂා විටයුතු රජයේ අවශේෂ වනාන්තර වාණිජ බෝග වගාවන් සදහා හේ වෙනත් හේතුවක් සදහා හො ලබා ගන්නේනමි එයකලයුතු ආකාරය මෙය නොවන බව වග නිව යුතු පාර්ශවයන්ට අප අවධානය යොමු කරමින් කියා සිටිමි.. යුද්ධයෙන් ආරක්ෂා වී තිබු උතුරු මැද හා උතුරු පාළාත් වල විශාල වනාන්තර ප්‍රමාණයක් අද වන විට මෙලෙස විනාශ කරමින් ඇති අතර ඒ වා සදහා රජයේ සමිබන්ධයක් නොමැතිනම් රාත්‍රි කාලයට පැමිණ කැලැ කපා ගිණි තබා විනාශ කරන්නන් අල්ලා ගතබ යුතුය.. රජ⁣ය ජනතාවට හොරෙන් මේවැනි විනාශය් කරන්නේ නමි ජනතාව හැකි ඉක්මණින් තීරණයන් ගත යුතුයි.

leave a reply