Breaking News

අදානි නැහැ කියද්දී අවලංගු කළා නම් ආණ්ඩුව පිළිතුරු නොදෙන්නේ ඇයි

ග්‍රීන් එනර්ජි එස්.එල් ලිමිටඩ් අදානි  සමාගම වෙත මන්නාරම සහ පුනරින් හි මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා රනිල්ගේ පාලන සමයේදී අවසර ලබාදී තිබුණා. අදාළ සමාගමට මෙය ව්‍යාපෘතිය ලබාදීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් රනිල්ගේ පාලනයට එල්ල වූ අතර මේ ව්‍යාපෘතිය සඳහා යෝජිත බිම් ප්‍රදේශය පිළිබඳවද දැඩි විරෝධයක් එල්ල වුණා.

මේ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ දේශීය ලංසුකරුවන් මෙගාවොට් පැයකට සත හතරයි දශම අටයි අටක් යෝජනා කර තිබුණු අතර අදානි සමාගම සත අටයි දශම දෙකයි හයක් ඉදිරිපත් කර තිබුණා. අඩු මුදලකට ලංකු ඉදිරිපත් වී තිබියදී වැඩි මුදලට ලබා දුන්නේ ඉන්දියාවේ උවමනාවට බව රනිල්ට එරෙහිව ගොඩනැගුණු විවේචනවල ප්‍රධාන එකක් වුණා.

අනතුරුව මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන භූමි ප්‍රදේශය සංචාරක ගේ වාස භූමියක් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයක් හේතුවෙන් එය පරිසරික වශයෙන් කරන විශාල හානියක් බවට පරිසරවේදීන් පෙන්වා දුන්නා.

බොහෝ කරුණු මත පදනම්ව මේ ව්‍යාපෘතිය අදාළ සමාගමට ලබාදීම පිළිබඳවත් ඒ සඳහා තෝරාගෙන තිබෙන භූමිය පිළිබඳවත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් පැවති අතර මැතිවරණ වේදිකාවල ජාතික ජන බලවේගය ප්‍රකාශ කර සිටියේ මේ ව්‍යාපෘතිය අහෝසි කරන බවයි.

කෙසේ වෙතත් අද උදෑසන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් දෙසැම්බර් මාස තිස් වන දා පැවති කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගැන මේ ව්‍යාපෘතිය අහෝසි කර ඇති බවයි.

ඒ පුවතට ප්‍රති උත්තර සපයමින් අදාළ සමාගම ප්‍රකාශ කරන්නේ එවන් තීන්දුවකට වර්තමාන රජය එළඹී නැති බවත් ගිවිසුම අහෝසි කළ බව තමන් හට දැනුම් දී නොමැති බවත් වර්තමාන රජය සිදුකර ඇත්තේ 2025 ජනවාරි 2 වැනිදා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත සමාලෝචනයකට ලක් කිරීම බවයි.

ජනවාරි 24 වනදා උදෑසන මාධ්‍ය වාර්තා සහ ඊට පිළිතුරු වශයෙන් අදානි ලබා දෙන උත්තරය සම්බන්ධයෙන් රජය තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර නැහැ.

leave a reply