බඩුමිල ඉහළ යාමත් සමඟ ආහාර සොරකම් කිරීමේ සිදුවීම් වැඩිවෙලා

අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.

වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි පැවසෙන අතර බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසි වලට කරුණු වාර්තාවී ඇතත් විධිමත් ආකාරයට පැමිණිලි වශයෙන් තොරතුරු ඉදිරිපත්වී නැතැයිද දැනගන්නට ඇත.

එසේම සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධීන් දහස් ගණනක්ද මෑත කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එසේම පිසින ලද ආහාර ද්‍රව්‍ය( බත් මුට්ටි වැනි ) සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක්ද පසුගිය දිනවල වාර්තාවිය.

වේල් තුන වෙනුවට එක් වේලක් හෝ උපරිම වශයෙන් දෙවේලක් ගන්නා පවුල් සංඛ්‍යාව උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් ලක්ෂ දහයක් දක්වා වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයකදී පසුගියදා තොරතුරු අනාවරණයවිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...