තනි කම්කරු නීතිය සම්මත කරද්දි ජවිපෙ සහෝදරවරුන්ට විරෝධයක් නැද්ද? 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටිය කාලයේදී මනුෂ්‍ය නානායක්කාරය සම්මත කර ගැනීමට උත්සාහ දැරූ තනි කම්කරු නීතිය ක් ජනතා විරෝධය හමුවේ හකුලා ගන්න සිද්ධ උනා . මේ තනි කම්කරු නීතියට එදා ජනතා විමුක්ති පෙරමුණ සහ අද ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය ලෙස ඔවුන් ද දැඩි විරෝධතාවයක් දක්වමින් ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. 

වර්තමාන ආණ්ඩුව අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටේ ජනතාව පත්කර ගනු ලබන්නේ මේ සියලු මර්දනකාරී දූෂිත අනපනත් අහෝසි කරලා යහපත් අනාගතයක් වෙනුවෙන් . දැන් අපට පෙනී යන්නේ ආණ්ඩුව ඉදිරියට ඉදිරියට ගමන් කරන්න සූදානම් වන්නේ රනිල් වික්‍රමසිංහ නැවතූ තැනින් බවයි . දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ලබන අණ පනත් පෙර පාලන සමයන්වල කතා විරෝධය මත හකුලා ගනු ලැබූ අණ පනත් වීම විශේෂත්වයක් වෙනවා . ඒවට සංශෝධන ඉදිරිපත් කරනවා කිව්වද ඉදිරිපත් කරන සංශෝධන වුව ජනතාවාදී නොවීම ඛේද ජනකයි .

ජන අරගල සන්ධානය මේ තනි කම්කරු නීතිය පිළිබඳව අද මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කළා . ඔවුන් එහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මේ හැසිරීම ට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු බවයි . 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...