Breaking News

Omicron නිසා යුරෝපා සංගමයේ බොහෝමයක් රටවල් “තද රතු” වෙමින් පවතියි

ඉතාලිය ඇතුළු යුරෝපා සංගමයේ විශාල කොටසක් “තද රතු” පැහැයෙන් සලකුණු කර අද රෝග නිවාරණය සහ ඒවාට එරෙහිව සටන් කිරීමේ යුරෝපීය නියෝජිතායතනය වන ECDC කොරෝනා වෛරසය පැතිරීම දක්වන සිතියමක් නිකුත් කර තිබේ , එය වෛරසයේ ප්‍රබල ව්‍යාප්තිය යුරෝපා සංගමයේ රටවල් අතර සිදුවෙන ආකාරය පෙන්වා දී ඇත.

Covid-19 නව ප්‍රබේදය වන Omicron පැතිරිම හේතු කරගෙන ආසාදන වැඩිවෙමින් තිබේ . දකුණු ඉතාලියේ (Abruzzo, Molise, Puglia, Basilicata, Campania, Calabria, Sicily සහ Sardinia) ප්‍රදේශ 7 ක් පමණික් අඩු ව්‍යාප්තියක් පෙනුම් කරන අතර . යුරෝපයේ සෙසු රටවල් අතර ජර්මනිය, පෝලන්තය සහ රුමේනියාව පමණක් තවමත් අඩු ව්‍යාප්තියක් පෙනුම්කරයි .

පසුගිය සති දෙක තුළ යුරෝපීය කලාපය තුල සෑම 100,000 ට රෝගීන් 500 කට වඩා වැඩිවී තිබේ .

ගෙවුණු පැය 24 තුළ PCR 1,150,352 ක් සිදුකර ඉතාලිය නව ආසාදිතයන් 126,888 ක් සොයාගත් අතර සිදුවූ  මරණ ගණන 158 කි .

leave a reply