Breaking News

බාල බෙහෙත් ගැන විගණන වාර්තාවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියට  ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් 95%ක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ, සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීම හේතුවෙන් ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට පැමිණීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර මේ පිළිබඳව තොරතුරු හෙළි වන විට ඖෂධ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් භාවිත කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම අධිකාරිය ඖෂධ ලියාපදිංචියේදී හිතත්වය පරීක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය පනතේ 59(4) (ආ) වගන්තියේ පැහැදිලිව දැක්වෙන බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර ලියාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය භාවිතා කිරීමෙන් නැතිවන ගැටළු පිළිබඳව වර්ෂ ගණනාවක සිට විගණන කාර්යාලය නිර්දේශ ඉදිරිපත් කළද ඒ ගැන බලධාරීන් අවධානය යොමු කර නොතිබූ බවයි එහි සඳහන් වන්නේ.

තවද ඖෂධ වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂ භාවය තහවුරු කරන ලේඛන ඇගයීමෙන් හෝ වෙනත් ක්‍රමවේදයකින් තොරව ප්‍රධාන විධායක නිලධාරීගේ අනුමැතිය මත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික 287ක් නිකුත් කර තිබූ බව වාර්තාව සඳහන් කරනවා.

ලේඛනගත ඖෂධවල උපරිම සිල්ලර මිල ඉහළ දමන අවස්ථාවලදී අනෙකුත් ඖෂධ වල මිලද ඉහළ දැමීමට අවසර ලබාදී තිබුණද 2023 වර්ෂයේ දී කරන ලද ආසන්නතම මිල පහල දැමීමට සාපේක්ෂව  අනෙකුත් ඖෂධවල මිල පහත හෙලන ලෙස දැනුම් දීමට කටයුතු කර නොතිබූ බැවින් මහජනතාවට හිමිකර දිය හැකිව තිබූ මිල වාසිය ඖෂධ සමාගම් විට රඳවා ගැනීමට අවස්ථාව සලසා දී තිබූ බව වාර්තාවේ තවදුරටත් සඳහන්.

leave a reply