වාරිමාර්ග ඇමතිගේ ලැජ්ජා නැති ප්‍රකාශය!

Date:

ගෝඨාභය රාජපක්ෂ පාලනයේ වැඩිමහල් සොයුරු, වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ අද(21) ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති රාජ්‍ය උත්සවයෙදි කළ ප්‍රකාශයකට අනුව, සිංහරාජයේ වැව් දෙකක් හදන්න චීන සමාගමකට පවරා තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ(2005-2014). සිංහරාජ වනය තුළ නීති විරෝධී කටයුත්තක් කරන්න මුදල් පවා ගෙවා ඉවරයි කියලා ලංකාවෙ හිටපු කථානායකවරයෙක්, දැන් වාරිමාර්ග ඇමතිවරයා කිසිදු ලැජ්ජාවක් බයක් නැතිව ප්‍රකාශ කළා.

ඔහු කියනවා සිංහරාජ වනයේ අක්කර පහක් වෙනුවට වන වගාවට අක්කර 50ක් රබර් වවන්න පුලුවන්ලු. ඒ ක්‍රමයට අපට රබර් ආදායමක් ගන්නත් පුළුවන්ලු.
ඇමතිවරයා කියන විදියට සිංහරාජයේ අක්කර 5ක් වනය විනාශ කරලා වැවක් හදලා, ඒ විනාශය සමනය කරන්න අක්කර 50ක් රබර් වැව්වම හරි.
ඒ විතරක් නෙවෙයි, චමල් රාජපක්ෂට අනුව,වන වගාව හා රබර් වගාව සමානයිලු.
‘ස්වභාවික වනාන්තරයක්’ හා ‘වන වගාවක්’ අතර වෙනස පාසල් දරුවන් පවා දන්නවා.
‘සිංහරාජ වනය’ හුදු වනාන්තරයක් නොවන බවත් පාසල් දරුවන් පවා දැන් දන්නවා.
‘වන වගාවක්’ හා ‘රබර් වගාවක්’ යන දෙකේ සමානකමක් කියන්න පුළුවන් විද්වත්තු චමල් ඇමතිවරයාට හෝ ගෝඨාභය ජනාධිපතිවරයාට කුලියට ගන්න හැකි වේවි.

නමුත් පහේ පන්තිය සමත් එකෙකුට වුණත් ඒ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන්.
පාර්ලිමේන්තුවට ගිය ‘ඉඩම් හිමියෙකුගෙන්’ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
දැන් මේ වාරිමාර්ග ඇමතිවරයා කතා කරන භාෂාවට වෘෂභ භාෂාව කියන්න කෙනෙක් ඉදිරිපත් වුණොත් මම විරුද්ධයි. වෘෂභයටත් අවමන් කරන්න හොඳ නෑ.
වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ, එක්කො තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගෙන, ජනතාවගෙන් සමාව ගත යුතුයි.
නැත්නම් …..
මේ වගේ ඇමතිවරු ගැන ජනතාව තීරණයක් ගත යුතුයි!

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...