විදෙස් ප්‍රේෂණ වැඩිවීමෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද?

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙර­ටට සිදු කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම රුපි­යල් කෝටි 195,000 (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ වසරේ ජන­වාරි මාසයේ පළමු වැනිදා සිට ඔක්තෝ­බර් මාසයේ 31 වැනිදා දක්වා විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.52ක ප්‍රේෂණ සිදු කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව­තම සංඛ්‍යා ලේඛ­න­වල සඳ­හන් වෙයි.

මේ අගය 2024 වසරේ එම කාල පරි­ච්ඡේ­ද­යට සාපේ­ක්ෂව සිය­යට 20.1ක කැපී පෙනෙන වර්ධ­න­යක් බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

ඔක්තෝ­බර් මාසයේ දී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 712ක ප්‍රේෂණ ලැබී තිබේ.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛ­න­ව­ලින් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් මාස නවයේ සංචා­රක ඉපැ­යීම් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2 ක් පමණි. ඒ අනුව 2025 මුල් මාස නවයේ මුළු සංචා­රක ඉපැ­යීම් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.47ක් ලෙස වාර්තා වන අතර, එය 2024 මුල් මාස නවයේ වාර්තා වූ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.34ක සංචා­රක ඉපැ­යීම් හා සස­ඳන විට සිය­යට 5.3ක වැඩි­වී­මකි.

කෙසේ වෙතත්, මේ වන විට ආනයන වියදම් ද ඉහළ ගොස් තිබේ. සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන දෙක ඉක්මවූ වියදම් ප්‍රමාණයක් වාර්තා කර ඇත. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණයෙන් සැලකිය යුතු මුදලක් වැය කරමින් ඉහළම ධනවතුන්ගේ පරිහරණය සදහා සුපිරි මෝටර් රථ ගෙන ඒමද මේ වසරේදී සිදු වී තිබේ. ඒ සඳහා වියදම් කර ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 1204කි.

මෙරට විදෙස් ප්‍රේෂණ අංශයෙන් වැඩිම ප්‍රමාණයක් එවනු ලබන්නේ මැද පෙරදිග කලාපයෙන් වන අතර මැද පෙරදිග කලාපයේ වැඩකරන බහුතරය කාන්තාවන් වේ. එහිදී ඔවුන්ට ඉතා අහිතකර කොන්දේසි යටතේ රැකියා කිරීමට සිදුවීම හැම දෙනාම දන්නා කරුණකි. විදෙස් ප්‍රේෂණ ගැන උදම් අනන ආණ්ඩුව ඔවුන්ගේ සුබ සිද්ධිය තකා ගත් පියවරක් මේ වනතෙක් වාර්තා වී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...