කාර්ය සාධනය පැහැදිලි නැති ජනාධිපති කාර්ය සාධන බලකායක්

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කර තිබේ.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු නම්කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමට අදාළ නිශ්චිත හේතුවක් සඳහන් කර නොතිබීමයි.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙහි අරමුණු ලෙස සඳහන් වේ.

එමෙන්ම පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීම මෙහි තවත් අරමුණක් ලෙස පැවසේ.

පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩළ රැස්විමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කරනු ලැබුවා.

Clean Sri Lanka බලකාය

එන් එස් කුමානායක – ජනාධිපති ලේකම්
යුද හමුදාපති
නාවික හමුදාපති
ගුවන් හමුදාපති
වැඩබලන පොලිස්පති
කුමුදු ලාල් ද සිල්වා – සභාපති – UDA
අයි. එස්. ජයරත්න
ගිහාන් ද සිල්වා
සන්ධ්‍යා සල්ගාදු
ගාමිණි බටුවිටගේ
අනුරුද්ධ ගමගේ
දිල්රුක් වනසිංහ
දීපාල් සූරීයආරච්චි
සිසිර අමරබන්දු
ක්‍රිශාන්ත කුරේ
ජයතු පෙරේරා
රුවන් වීරසූරිය
දයාන් කරුණාරත්න

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...