බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් හොයන්න ආරක්ෂක අංශ මෙහෙයුම් කරනවලු

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවය කළ සේවකයන් 119 දෙනෙකු සොයා ගැනීම සඳහා පොලීසිය සහ හමුදාවේ මැදිහත්වීමෙන් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

ඊයේ වනවිට 250 දෙනෙකු පොලීසිය හා සෞඛ්‍ය බළධාරීන් වෙත ඉදිරිපත් නොවී සිටියද මේ වනවිට එම ප්‍රමාණය 119 ක් දක්වා අඩුකර ගැනීමට හැකි වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා පීසීආර් පරීක්ෂණ 5357 ක් සිදුකර ඇති අතර ඉන් වෛරසය ආසාදනය වූවන් 970 ක් හඳුනාගෙන තිබෙනවා. තවත් පරීක්ෂණ 1770 ක ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

වගකිවයුතු බලධාරීන් හා ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරනු දකින්නට ලැබෙන්නේ වසංගතය පාලනය කිරීම යුධ මෙහෙයුමක් සේ සලකාය. එම නිසා පසුගිය කාලය පුරා සිදුවූයේ රෝගීන් සෙවීමක් නොව අපරාධකරුවන් ලුහුබඳිනවා වැනි මෙහෙයුම්ය. ඒ අනුව අසවල් දිනට පෙර භාරවීම, එසේ නොමැති වුවහොත් දේපල රාජසන්තක කිරීම වැනි ප්‍රකාශ හමුදාපතිවරයා හා පොලිස් ප්‍රධානීන්ගෙන් නිරන්තර වාර්තා කිරීම් සිදු විය. මෙමගින් රෝගීන්, රෝග ලක්ෂණ සහිත වූවන් හා ආශ්‍රිතයින් ඉදිරිපත්වීමට හා තොරතුරු ලබාදීමට මැලි වීම හරහා සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වී ඇත.

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...