Day: November 14, 2020

  • දීපාවලි උත්සවයට තහංචි දමා  නිරෝධායන නීති කඩා අයියා මලෝ පිං අනුමෝදන් කරති

    දීපාවලි උත්සවයට තහංචි දමා නිරෝධායන නීති කඩා අයියා මලෝ පිං අනුමෝදන් කරති

    ලොව පුරා වෙසෙන හින්දු ජනතාවගේ සංස්කෘතික උත්සවයක් වන දීපාවලි උත්සව දිනය අදයි.  ලොව වෙසෙන බොහෝ හින්දු ජනතාව අද මෙම උත්සවය සමරනු ලැබුවේ තම තමන්ගේ නිවෙස් වලට කොටු වෙලා.  ලංකාවේ ජීවත් වෙන  හින්දු ජනතාවත් තමන්ගේ මෙම උත්සවය අද සමරනු ලැබුවේ හුදෙකලාව නිවෙස් වල.  පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උත්සව අවස්ථාවේ දී කැපකිරීමක් කරමින් මෙම සංස්කෘතික උත්සවය වෙනදා විදිහට පවත්වන්නේ නැතිව   මන්ගේ ගෙවල් වලට පමණක් සීමා කරමින් සමරන්නට යැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දීලා තිබුණා. ඉතින් මේ පවතින මොහොත ද සැලකිල්ලට ගනිමින් ජනතාව ඊට අවනතව  දීපාවලි උත්සවය මේ ආකාරයෙන් සමරනු ලැබුවා.

     රජයේ මැදිහත් වීමෙන් රටපුරා ඒකරාශී වීම සීමා කර තිබෙන මොහොතක ලංකාවේ සියලුම ප්‍රදේශයන් වලින් කොරෝනා රෝගීන් හමු වී තිබෙන මොහොතක ඉන් ආරක්ෂා වීමට සහ මේ කොරෝනා වසංගතය පාලනය කිරීමට හොදම ක්‍රමය හුදකලා වීම බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව  සාමූහික රැස්වීම්, සංස්කෘතික උළෙලවල්,  වළක්වා තිබෙනවා.

    තත්ත්වය මෙසේ පවතින අතර  කොරෝනා වසංගතයේ දෙවැනි පැතිරීමට ජනතාව වගකිව යුතුයි කියන රටේ නායකයා  අද දිනයේ දී  තමන් ජනාධිපති වීමේ වර්ෂ පූර්ණය සහ  අගමැති අයියාගේ උපන්දිනය පන්සිය නමක් මහා

    සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී අද (14) පස්වරුවේ  පවත්වා තිබේ.

    ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ සඳහන්ව ඇති ආකාරයට “රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිතුමා ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්රාමාත්යතුමාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කෙරිණ.

    සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්යම පළාතේ ප්රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්යාරාමාධිකාරී පූජ්ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වුණ පිංකමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.” 500 නමක් හාමුදුරුවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
    රටට ජනතාවට වගකියන නායකයෙක් නම් මෙය කළ යුත්තක් නොවේ.

  • කොවිඩ් මර්දනයේ අඩුපාඩු වහන්න සමාජ මාධ්‍ය දඩයම නැවතත් ක්‍රියාත්මකයි

    කොවිඩ් මර්දනයේ අඩුපාඩු වහන්න සමාජ මාධ්‍ය දඩයම නැවතත් ක්‍රියාත්මකයි

    කොවිඩ් මරණ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ තවත් සිව් දෙනෙකු ගැන විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මේ අතර අද පෙරවරුවේ අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මහ මඟ මියයන බවට අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට තිබුණි.

    සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්යා පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.

    කොවිඩ් – 19 මරණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ බවට සැකපිට එම පුද්ගලයාව කඩුගන්නාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.

    කොවිඩ් – 19 ආසාදනයවීමෙන් පුද්ගලයින් මහ මඟ මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මළ සිරුරුවල ඡායාරූප පළකරමින් අදාළ පුද්ගලයා විසින් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර ඇතැයි පොලිසිය පවසයි.

    35 හැවිරිදි අදාළ පුද්ගලයා කඩුගන්නාව හේනවල එගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

    ආණ්ඩුව මිට පෙර කොවිඩ් රැල්ල අවස්ථාවේද සමාජ මාධ්‍ය ජාල ඉලක්ක කරගනිමින් මෙවැනි මර්දනයක් දියත් කරනු ලැබුණි. එහිදී ආණ්ඩුව පැවසුවේ කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි. නමුත් සත්‍ය ලෙසම සිදුවූවේ ඒ අවස්ථාවේ ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලෙහි පවතින අඩුපාඩු සම්බන්ධ විවේචනය කරන්නන් මර්දනය කිරීමයි.

    සමාජ මාධ්‍ය රජයට අවශ්‍ය අවස්ථාවල තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට වාරණය කෙරෙන අතරම අවශ්‍ය තොරතුරු විමර්ශන සඳහා භාවිත කරනු ලබන මෑතකාලීනව දකින්නට ලැබුණි. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය දැමීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවූවන් සෙවීමට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල තොරතුරු පාවිච්චි කරන බව පොලීසිය පවසන ලදී. සමාජ මාධ්‍ය භාවිත කරනවුන් රාජ්‍ය ඔත්තු කාර්යාංශ හරහා නිරීක්ෂණය කර රජයට විරුද්ධ පුද්ගලයන් දඩයම් කිරීමට එවැනි තොරතුරු භාවිත කිරීම අපේ රටේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී යයි පම්පෝරි ගසන බොහෝ රටවල් විසින් සිදුකරන්නකි. මේ හරහා වඩාත් සූක්ෂම ආකාරයෙන් විරුද්ධව මත දක්වන්නන් මර්දනය කිරීමට අමතරව විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීමට සමාජය තුළ බියක් නිර්මාණය කිරීමද සිදුකරයි.

  • 88 – 89ට  සමරු දෙකක් කතා දෙකක්

    88 – 89ට  සමරු දෙකක් කතා දෙකක්

    88 – 89 අරගල සමයේ  එක්සත් ජාතික පක්ෂ මර්නධයට හසුව මිය ගිය  රෝහණ විජේවීර සහෝදරයා  ඇතුළු සගයන් අනුස්මරණය කිරීම  නොවැම්බර් 13 වන දාට  යෙදී තිබුණා . මෙම මර්නධන  ඉතිහාසයට තිස් එක් වසරක් ගෙවී තිබුණද අනාගත අරගලයේ පන්නරය වෙනුවෙන් ඔවුන්ගෙන් උකහා ගත යුතු දේ අපමණයි.

    පවතින තත්වය හමුවේ ඒකරාශී වී  ඉල්මහා විරුවන් සැමරීමට නොහැකි වටපිටාවක් යටතේ  ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  ඊයේ  අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන සමරු  දෙක පවත්වනු ලැබූ. ජනතා විමුක්ති පෙරමුණේ  සමරුව  වර්තමාන පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමරුව ආමන්ත්‍රණය කරනු ලැබුවා.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කර තිබුණු  සමරුවේ  ප්‍රධාන දේශනය කරනු ලැබුවේ පෙ.ස.ප. සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක  සහෝදරයා විසින්.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කර තිබුණු  සමරුව


    ජනතා විමුක්ති පෙරමුණේ  සමරුව