Breaking News

මාස 10ට මනුෂ්‍ය ඝාතන 488ක්

පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ඉන් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලින්.

තංගල්ල ,නුගේගොඩ,ගම්පහ,රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32,27,24,24,20 වශයෙන් මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බව එම වාර්තාව සඳහන් කරනවා.

මේ අතර දිවයින පුරා 2018- 2022 අතර කාල පරිච්ඡේදයේදී බරපතල තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තාවී ඇතැයි පවසන එම වාර්තාවේ ඉන් අපරාධ 2030ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බව සඳහන් වනවා.

මේ අතර පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳීම් ආ කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී.

2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී එම අපරාධවල සියයට පනහක පමණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ගෙවල් බිඳීම හා කොල්ලකෑම යන බල අපරාධ විසඳීම ගත් විට පසුගිය වසර හයේදී අඩුම විසඳීමේ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේද පසුගිය වසරේදී බව එම වාර්තාව සඳහන් කරනවා.

මේ අතර කාන්තාවන්ට එරෙහි බල අපරාධ වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට විසි හතකින් වැඩිවී තිබූ බව පවසන එම වාර්තාව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බවද සඳහන් කරනවා.

කාන්තාවන්ට බරපතල තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරනවා.

පසුගිය වසරේදී මෙම අපරාධ විසඳීම සියයට 99ක ප්‍රගතියක් පෙන්නුම් කළද අපරාධ වාර්තා වීම වැඩි වී තිබූ බව පවසන විගණන කාර්යාලය අපරාධ පාලනයට හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා පොලිසිය 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කොට ඇති තොරතුරු මත පදනම්ව ඇති විගණන වාර්තාවේ මෙකී කරුණු සඳහන් වනවා.

උපුටා ගැනීම – නිව්ස් 19

leave a reply