Breaking News

විදෙස් ශ්‍රමික තම බිරිඳ ගෙන්වාගන්න සැමියාට වකුගඩුව විකුණන්න වෙලා

කුවේට් ගෘහ සේවයට ගොස් හදිසි අනතුරකට ලක්ව රෝගීව සිටින කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල ලබාගැනීම සඳහා තම වකුගඩුවක් විකිණීමට සැරසෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලංකාදීප වාර්තා කර තිබේ.

අදාළ පුවත පහතින් දැක්වේ.

”කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් රුපියල් ලක්ෂ පහළොවකට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය.

තම වකුකඩුව රුපියල් ලක්ෂ පහළොවකට ලබාදි බිරිඳ වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර මහත්මිය ගෙන්වා ගැනීමට මෙලෙස වකුගඩුව ලබාදීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර සිටින්නේ මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර යන තිදරු පියෙකි.

2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් ඇති අතර ඇය හදිසියේ එරටේ නිවසේ සේවය කරමින් සිටියදී ඇද වැටීම හේතුවෙන් මේ වනවිට වැඩකර ගැනීමට නොහැකි මට්ටමට ශරීරය දුබල වී ඇති බවද ඉෂාර සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත්, ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් අවශ්‍ය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළ බව ඉෂාර සරච්චන්ද්‍ර මහතා පැවසීය.

විදේශගතව සිටින සෙව්වන්දි මහේෂිකා ජයවීරට අවුරුදු 11 දැරියක, සහ අවුරුදු 9 සහ අවුරුදු 3 ක පිරිමි ළමුන් දෙදෙනකු සිටින අතර එම දරුවන් මේ වනවිට මහේෂිකා ජයවිරගේ මව වන 49 වියති එම්.එච්. ධම්මිකා විජේසිංහ මහත්මියගේ තුරුලේ හැඩි හැදී වැඩෙන්නේය.”

විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන්නේ එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බවයි.

එසේම 2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 487.6 ක් ලෙස වාර්තා වී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පවසා තිබුණි. එම සටහන මඟින් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඒ අනුව විදේශ ශ්‍රමික ප්‍රේෂණ, 2023 වසරට සාපේක්ෂව 11.4%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි.

මේ අනුව විවිධ ආකාරයේ රැකියා සඳහා යන ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් තිබේ. ඒ අතරින් වෙන වසරවලදී මෙන්ම 2023 වසරේදීත් අපේ රටට වැඩිපුර විදේශ විනිමය ලැබී ඇත්තේ ඇත්තේ මැදපෙරදිග රටවල් සඳහා ගොස් සිටින විදෙස් ශ්‍රමිකයන් හරහා බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මැදපෙරදිග රටවල රැකියා සඳහා යන බහුතරයක් කාන්තාවන් වේ.

නමුත් රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට උරදෙන මෙම කාන්තාවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව කිසිදු වගකීමක් නොදරන බව ඉහත උදාහරණවලින් පෙනේ. ආණ්ඩුව සිදුකරන්නේ විදෙස් ප්‍රේෂණ ලැබුණු බව පවසමින් උදම් ඇනීම පමණි. විදේශ රැකියා සඳහා යන්නන් සම්බන්ධයෙන් වග කියන බව පවසන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් පිළිතුර වන්නේ රට යාමට වැයවූ මුදල රැකියා නියෝජිත ආයතනයට ලබාදෙන්නේ නම් අදාළ විදෙස් ශ්‍රමිකයා ගෙන්වා දෙන බවයි. එතනින් ඉදිරියට ඔවුන්ගෙන් කිසිදු පිහිටක් නොලැබේ.

නමුත් කම්කරු සහ විදේශ රැකියා ඇමති මනූෂ නානයක්කාර මාධ්‍ය ඉදිරියට පැමිණ කයිවාරු ගසන්නේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධ දත්ත ඩිජිටල්කරණය හරහා සියලු ප්‍රශ්න විසඳෙන බවයි. නමුත් තවමත් විශේෂයෙන් මැදපෙරදිග ගොස් විවිධ කරදරවලට මුහුණ දුන කාන්තාවන් සම්බන්ධ ඉහත ප්‍රවෘත්ති හරහා එය අමූලික බොරුවක් බව පැහැදිලිය.

leave a reply