තීරු බදු සාකච්ඡා සාර්ථක බව පැවසීමේ තේරුම පැහැදිලි නැත

ඇමෙරිකා එක්සත් ජනපදය හා ලංකාව අතර පැවති තීරු බදු සම්බන්ධ සාකච්ඡා සාර්ථක බව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල පැවසුවත් එම සාකච්ඡා සාර්ථකව වී නොමැති බව පෙනෙන්නට තිබේ. එයට හේතුව තීරු බදු පිළිබඳ අවසන් එකඟතාවයක් ඇතිකරගැනීමට නොහැකි වීමයි.

වෙළඳ නියෝජිත කාර්යාලයේදී තීරුබදු පිළිබඳ අවසානාත්මක තීන්දුවක් ගැනීමට නොහැකි වී ඇති අතර, වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම සහ ‍වෙළඳ පරතරය ඇති කරගැනීම පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කිරීමට පමණක් එකඟ වී ඇති බව රජය නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලිවේ.

වෙළඳ පරතරය අවම කරගැනීමට නම් ශ්‍රී ලංකාව මේ වන විට ඇමෙරිකාවට සිදු කරන අපනයන අඩු කර ගැනීමට හෝ, ඇමෙරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය, අපගේ ආර්ථික ශක්තිය මෙන්ම ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන අතර වෙළඳ පරතරය සලකා බැලීමේදී දෙරට අතර වෙළඳ පරතරය අඩු කර ගැනීමේ යෝජනාව ශ්‍රී ලංකාවට පැහැදිලිව අවාසිදායක බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.

වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමටත්, ඉක්මනින් එම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමටත් එකඟ වී තිබුණද එම වෙළඳ ගිවිසුම පිළිබඳ තොරතුරු නිවේදනයේ සඳහන් කර නොමැත. නිදහස් වෙළඳ ගිවිසුමකදී තීරුබදු ප්‍රතිශතයන් වෙනස් විය හැකි නමුදු, එය නිශ්චිතව කිව හැක්කේ ගිවිසුමේ කරුණු සලකා බැලීමෙනි. එසේම වෙළඳ ගිවිසුමකදී එවැනි තීරුබදු සහනයක් ලැබෙන භාණ්ඩ හෝ සේවා මොනවද යන්න පැහැදිලි නැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් ගණනාවකට පනවා ඇති මෙම තීරුබදු මාස තුනක් දක්වා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා දුත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු වූ බව එම නිවේදනයේ සඳහන් කර ඇත. ඒ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය නිකුත් කර තිබුණේ අප්‍රේල් 22 දිනැතිවය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...