ජනපති යටතට ආයතන 94ක්

Date:

නව අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යංශවලට අයත් විෂයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 25 වන දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සඳහන් කර ඇත.

වැඩිම ආයතන ජනපති යටතට, අඩු ම පොලිස් ඇමතිට

ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහු සතු අමාත්‍යංශ 3ක් යටතේ ආයතන 94ක් තබාගෙන ඇති අතර, එය නව රජයේ එක් ඇමැතිවරයෙකු යටතේ ඇති වැඩි ම ආයතන සංඛ්‍යාව යි.

ඉන්පසුව වැඩි ම ආයතන ගණන් හිමිව ඇත්තේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට වන අතර, ඔහු යටතේ ඇති ආයතන ගණන 41කි.කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යටතට ලබා දී ඇති ආයතන සංඛ්‍යාව 34කි.

ඇමති සමන්ත විද්‍යාරත්න සහ කේ.ඩී. ලාල්කාන්ත යන ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ යටතට ආයතන 29 බැගින් ලබා දී තිබේ.

අගමැති හරිනි අමරසූරිය සතු අමාත්‍යංශ සඳහා මෙන් ම ඇමති හිනිඳුම සුනිල්සෙනෙවි සහ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට පවරා ඇති ආයතන සංඛ්‍යාව 26කි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු පත් කරන ලද කුඩා ම කැබිනට් මණ්ඩලය ද නියෝජනය කළ, මෙවර මහ මැතිවරණයෙන් වාර්තාගත වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් විජිත හේරත් ඇමතිවරයා සතු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයට ආයතන 9ක් අයත් වේ.

අමාත්‍ය ආනන්ද විජේපාලට හිමි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අඩු ම ආයතන සංඛ්‍යාවක් අයත් වන අතර එම සංඛ්‍යාව 5කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...