බාල ඖෂධ ගෙන්වීම ගැන වෛද්‍ය සැපයුම් අංශයේ 04ක් අත්අඩංගුවට – ගනුදෙනුවේ මහ මොළකරු තාම යහතින්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් මෙම පිරිස මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සමාගමේ හිමිකරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

නමුත් බාල ඖෂධ ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදුන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කිසිදු අතුරු ආන්තරාවක් නොමැතිව යහතින් සිටිනු දක්නට ලැබේ. මෙම නඩුව කැඳවූ එක් අවස්ථාවක ඇමතිවරයාට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීම ගැන ප්‍රශ්න කර තිබුණි. එහිදී සමාගම් හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා තිබුනේ මෙම ගනුදෙනුවේ මහ මොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...