වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 50%ක් ඇනහිටලා !

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසා ඇත්තේ රෝගීන්ගේ අවශ්‍යතාවයෙන් සියයට පනහක් ඉටු නොකරන ආයතනයක අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරය කුමක්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනය කළ යුතු බවටයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යක්ෂකවරුන්ගේ පරිපාලනමය නොහැකියාව නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රයෝජනයට ගැනෙන කොටස සියයට පනහකට වඩා අකාර්යක්ෂම වී ඇත. නිවැරදි පාලනයක් සිදු කරන්නේ නම් ප්‍රථමයෙන්ම එහි අධ්‍යක්ෂකවරයාගේ වැටුපෙන්ද සියයට පනහක් කපා දැමිය යුතුය.”

මෙම පරීක්ෂණ සිදු නොකිරීම මගින් ඉතා සංකීර්ණ රෝග හඳුනා ගැනීමට ප්‍රමාද වන අතර ඇතැම් ඒවා සදාකාලිකව හඳුනා නොගනිමින් රෝගීන් ජීවිත කාලය තුළම පීඩා විඳින හෝ ජීවිතක්ෂයට පත්වෙන තත්ත්වයක් ඇතිවිය බවටයි සභාපතිවරයා අනතුරු අඟවන්නේ.

එසේම ඇතැම් පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර අයාලේ යන හෝ, නිවැරදිව කළමනාකරණය නොවන තත්ත්වයකට පත්වීම මගින් සමස්ත සෞඛ්‍ය සේවාවේ වෑයම ව්‍යාර්ථ වීමට හැකියාව ඇත.

රෝග පූර්ව වශයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගයකින් ගැලවී සිටීමට මහජනතාවට ඇති අයිතිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය උල්ලංඝනය කර ඇති බවට ද රවි කුමුදේශ් චෝදනා කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...