සහල් ආනයනය පහසු කිරිමට මෙන්ම සහල් හිඟය ඉක්මනින් අවසන් කිරිමට එක් පියවරක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
එම තීරණයට අනුව 2024/12/20 දක්වා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනිමෙන් තොරව මෙරටට සහල් ගෙන්වීමට අවසර ලබා දී තිබේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරි උත්සවය සමය වන විට මෙරට සහල් හිඟයට විසඳුමක් ලැබුණු ඇති දැයි යන්න ගැන ජනතාව උනන්දුවෙන් සිටියි .
ආනයනික සහල් තොග දෙසැම්බර් 20 වැනිදා පමණ වන විට ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇති බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ විමලේන්තිරාජා පවසා ඇත.
රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළ අතර මෙරට සහල් මෝල් හිමියන්ට සහල් නිදහස් කිරිමට තිබු බාධා ඉවත් කළ බවද පැවසීය.
“මෝල්වල සහල් නිදහස් කරන්න බැරි බැංකුවල ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට කිව්වා. ඒකට උත්තරයක් හොයලා දුන්නොත් අපි සහල් නිදහස් කරන්නම් කියලා ඔවුන් කිව්වා. අන්න ඒකට අපි ඊයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් උත්තරයක් හොයලා දුන්නා. ඒ නිසා අද සිට ඔවුන් අපට එකඟ වෙලා තියෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් නිකුත් කරන්න. එම සහල්ස සියලුම ජනතාවට රුපියල් 220 වෙළඳපල මිලට ලබා දීම සඳහා සතොස හරහා අපි ක්‍රියාත්මක කරනවා.”
දෙසැම්බර් 20 වැනිදා පමණ වන විට රජය සහ පෞද්ගලික අංශය විසින් ආනයනික සහල් තොග රට තුළට ලැබීම හරහා සහල් අර්බුදය සමනය වනු ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි.
මේ අතර පසුගිය අගහරුවාදා පැවති රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ ” ලංකාවේ පසුගිය අවුරුද්දේ නාදු හාල් වාගකරලා තියෙනවා සියයට 76ක්. කීරි සම්භා වෙළඳ පොළේ තියෙන්නයි නඩු වෙළඳපොලේ නැතිවෙන්නයි හේතුවක් නැහැ. මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා. මේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් 56ක වී අස්වැන්නක් තියෙනවා. ලංකාවේ දෛනික සහල් අවශ්‍යතාවය සපුරන්න පුළුවන් ලක්ෂ 42න් විතර. ලංකාවේ සහල් නිශපාදනය අවුරුද්දක් තවත් මාස 4ත ප්‍රමාණවත්. ලංකාවේ සහල්වලින් තව දේවල් කරනවා. මෙතරම් සහල් නිශපාදනයක් තියෙද්දී කවුද සහල් හංගගෙන ඉන්නේ. නාඩු හිගයක් ඇවිත් තියෙන්නේ මේවා කෘතිමව නිර්මාණය කරපු නිසා. කෘෂිකර්ම දේ දෙපාර්තමේන්තුවට මේවා හොයාගන්න බැරිද ? ආණ්ඩුවේ නිලධාරීන් ගියාම මේ මොල් හිමියෝ පෙනන්නනේ වෙන දත්ත. මේ සහල් ආනයනයට ගත්තා තීරණය නිසා වෙන ඊළඟ බලපාන තමයි ඊළඟ අවුරුද්දේ මුලට ගොයම් කපෙනවා. වී මෝල් හිමියෝ කරන්නේ මේ සහල් ආනයනයේ බලාපම පාවිච්චි කරලා ඒ වී අඩුවට ගන්නවා. මේක හරහා ගොවියගෙන විවේචනයට ලක්වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ ගෝඨාභය කරපුවාව කරනවද නැද්ද කියන එක නෙමෙයි. මේ සහල් මෝල් මාෆියාවට අත් තියන්න ඕනෑ. රජය කල්පනා කරනවානම් වි ගබඩා වැඩි කරලා වී මිලදී ගැනීමක් කරන්න ඕනෑ කියලා ඒක හොදයි. එහෙම කරන්න ඕනෑ. හැබැයි ලංකාවේ වී ගබඩා ප්‍රමාණය ගත්තාම ගබඩා වැඩිකරන ඒක කන්නයකින් දෙකකින් කරන්න බැහැ. මේ කන්නයේ වගාකරන ඒක නෙමෙයි වෙළඳ පොලට එන්න. කන්න තුන හතරක් පහුවෙලා තමයි වෙළඳ පොලට එන්න. ඒ අනුව දැන් තියෙන මිල ගණන් සාධාරණ නැහැ. මේ කියන අනයනන් කරුවන් සහල් ගෙනන්නනේ ඔයා කියන ගානට නෙමෙයි. ඒ කියන්නේ 220 කියලා හිතමු දැන් තියෙන ගණන. ඒ ගානට නෙමෙයි ඔවුන් සහල් ගෙනවන්නේ. ඒ ප්රශ්නය විසදෙන විදිහෙන් සහල් ආනයන කරුවන්ට විශාල ලාභයක් එනවා. ආනයනය හරහා ලබන කන්නයේ වී මිලට ප්‍රශ්නයක් එනවා. මේ ව්‍යාපාරික වළල්ලට අත් තියන්නේ නැතුව මෙහෙම යන්න ගියාම හෙටත් මේ ප්‍රශ්නේ අපිට එනවා. ”