දරුවන් අතර මන්දපෝෂණය ඉහළට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාරක සේවාවන්, මානව හා භෞතික සම්පත් සංවර්ධන කටයුතු මෙන්ම පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (29) එම රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව සඳහන් කළා

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවල එම තත්ත්වය සුවිශේෂි වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තිබෙන අදාළ සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග සම්බන්ධව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවයි.

මෙම තත්ත්වය විශේෂයෙන්ම මධ්‍යම පළාතේ වැඩිපුරම දැකගත හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව රෝහල මගින් සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්, සිදු කළ සහ සිදු කිරිමට නියමිත සංවර්ධන වැඩසටහන් ඇතුළු මානව හා භෞතික සම්පත් පිළිබදව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ඊට අදාළව කෙටිකාලන හා දිගුකාලීන විසදුම් ලබාදීම මෙහිදී සිදුකළ බවට වාර්තා වනවා.

එහිදී අදහස් දක්වමින් ඉදිරි වසර සදහා වෙන්වන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රෝහලේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...