Breaking News

නැවත කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් එයට මුහුණ දෙන්න ලංකාව සූදානම්ද?

රටේ නැවතත් කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බවට ජනතාව තුළ කතා බහක් ඇතිව තිබේ. නමුත් ගැටලුවක් ලෙස ඇත්තේ එවැනි දෙයකට මුහුණ දීමට අප රටක් ලෙස කොතරම් දුරට සූදානම් ද යන්නයි. එවැනි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකිද යන්න සොයා බැලීමට තරම්වත් සෞඛ්‍ය අංශ උනන්දුවක් නැති බව පෙනේ.

රෝග තත්ත්වයක් මත ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

යක්කලට නුදුරු ප්‍රදේශයක පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇත.

දේහය පිළිබඳ පරීක්ෂණයේදී කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මිය ගිය බවට , රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව මගින් තහවුරු කොට ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් , ගම්පහ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී.පී.ආර්.පී.රාජපක්ෂ පවසා තිබේ.

මියගිය තැනැත්තියගේ දේහය , ගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන කසගහවත්ත ආදාහනාගාරයේදී ආරක්ෂක විධිවිධාන සහිතව ආදාහනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මීට ‌දින කිහිපයකට පෙර මහනුවර මහරෝහලෙන්ද කොරෝනා මණයක් වාර්තා වී තිබිණි.

මෑතකදී ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රබේදයක් වාර්තා විය. නමුත් මෙතෙක් අපේ රටේ එය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නැත.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැති බවයි.

ඔහු පවසන්නේ පසුගිය කාලයේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කොවිඩි නව ප්‍රභේදයක් ලංකාවට ඇතළු වීමේ තර්ජනය පිළිබදව කථා බහක් ඇති වූ බව කී අමාත්‍යවරයා ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවයි.

එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව කී අමාත්‍යවරයා පසුගිය කාලය පුරා ඉතා හොද එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බැවින් රටේ ප්‍රතිශක්තිකරණය දියුණු ඇති වී ඇති බවද පවසා ඇත.

ඇමතිවරයාගේ ප්‍රකාශය හරහාද පැහැදිලි වන්නේ මේ දිනවල පැතිර යන උනා රෝගය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කර ඒ පිළිබඳ සොයා බැලීමක් කර නොමැති බවයි.

leave a reply