රඹකැන් ඔය වන විනාශය ගැන සජීව චාමිකරගෙන් විශේෂ හෙළිදරව්වක්

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6,790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළුව හෙක්ටයාර 2,233 ක් නැතහොත් අක්කර 5,400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම්වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ වයාපාරයේ සජීව චාමිකර පවසයි.

ඔහු පවසන්නේ මෙම අක්කර 5,400 ප්‍රදේශයෙන් වැඩිම පාලන බලතල තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැවින් එවැනි වනාන්තර ප්‍රදේශයකට ඇතුල් වී එළිපෙහෙළි කටයුතු කිරීම, වගාබිම් ස්ථාපිත කිරීම, මාර්ග ඉදිකිරිම නීති විරෝධී බවයි. එසේම ජාතික පාරිසරික පනතට අනුව හෙක්ටයාර් එකකට වැඩි ප්‍රදේශයක් එලි පෙහෙළි කරලා යම්කිසි සංවර්ධනයකට යන්නේ නම් අනුමැතිය ලබා ගත යුතු බව සජීව චාමිකර පවසා තිබේ. මේ අනුව මහවැලි අධිකාරිය ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත, පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

” මේ ක්‍රියාවලිය සාධාරණියකරණය කිරීම සඳහා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් කියන ආකාරයේ කිසිම බලතලයක් ඔවුන්ට නැහැ. අපි පැහැදිලිව කියනවා 1979 යේ අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පනතේ කිසිම වගන්තියක වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත කියන ඒවා උල්ලංඝණය කරමින් සමාගම්වලට ඉඩම් ලබාදෙන්න පුළුවන් කියලා කිසිතැනක සඳහන් වෙන්නෙ නැහැ”

සජීව චාමිකර සිදුකළ සම්පූරණ විස්තරය පහත වීඩියෝවේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...