රඹකැන් ඔය වන විනාශය ගැන සජීව චාමිකරගෙන් විශේෂ හෙළිදරව්වක්

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6,790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළුව හෙක්ටයාර 2,233 ක් නැතහොත් අක්කර 5,400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම්වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ වයාපාරයේ සජීව චාමිකර පවසයි.

ඔහු පවසන්නේ මෙම අක්කර 5,400 ප්‍රදේශයෙන් වැඩිම පාලන බලතල තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැවින් එවැනි වනාන්තර ප්‍රදේශයකට ඇතුල් වී එළිපෙහෙළි කටයුතු කිරීම, වගාබිම් ස්ථාපිත කිරීම, මාර්ග ඉදිකිරිම නීති විරෝධී බවයි. එසේම ජාතික පාරිසරික පනතට අනුව හෙක්ටයාර් එකකට වැඩි ප්‍රදේශයක් එලි පෙහෙළි කරලා යම්කිසි සංවර්ධනයකට යන්නේ නම් අනුමැතිය ලබා ගත යුතු බව සජීව චාමිකර පවසා තිබේ. මේ අනුව මහවැලි අධිකාරිය ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත, පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

” මේ ක්‍රියාවලිය සාධාරණියකරණය කිරීම සඳහා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් කියන ආකාරයේ කිසිම බලතලයක් ඔවුන්ට නැහැ. අපි පැහැදිලිව කියනවා 1979 යේ අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පනතේ කිසිම වගන්තියක වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත කියන ඒවා උල්ලංඝණය කරමින් සමාගම්වලට ඉඩම් ලබාදෙන්න පුළුවන් කියලා කිසිතැනක සඳහන් වෙන්නෙ නැහැ”

සජීව චාමිකර සිදුකළ සම්පූරණ විස්තරය පහත වීඩියෝවේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...