Breaking News

සොහොන් ගාස්තුවත් ඉහළට

කොළඹ මහ නගර සභාව විසින් වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් එක් ලක්ෂ අසූ දහස දක්වා වැඩි කිරීම හේතුවෙන් මරණයක් සඳහා යන වියදම දැරිය නොහැකි වී තිබෙන බව කොළඹ නගර වාසින් පවසනවා.

ජනතාව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අඩි දෙකයි දෙකේ කුඩා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ මියගිය අයගේ අළු මිහිදන් කිරීම සඳහා පමණක් බවයි.

මේ අතර කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ආදාහනාගාර ගාස්තුව ද විශාල වශයෙන් වැඩිකර තිබෙන බවට වාර්තා වනවා.

කොළඹ නගරවාසීන්ට රුපියල් 1000ක්ව තිබූ ආදාහනාගාර ගාස්තුව රුපියල් 10, 000 දක්වාත් කොළඹ නගර සභාවෙන් පිටස්තර පුද්ගලයින් සඳහා ඒය රුපියල් 20,000 දක්වාත් ඉහල දමා තිබෙනවා.

මෙලෙස ආදාහනාගාර සහ සොහොන් ගෙවල් සඳහා අය කරන මුදල විශාල වශයෙන් වැඩි කිරීම විශාල අසාධාරණයක් බව ජනතාව පවසනවා.

leave a reply