සොහොන් ගාස්තුවත් ඉහළට

කොළඹ මහ නගර සභාව විසින් වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් එක් ලක්ෂ අසූ දහස දක්වා වැඩි කිරීම හේතුවෙන් මරණයක් සඳහා යන වියදම දැරිය නොහැකි වී තිබෙන බව කොළඹ නගර වාසින් පවසනවා.

ජනතාව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අඩි දෙකයි දෙකේ කුඩා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ මියගිය අයගේ අළු මිහිදන් කිරීම සඳහා පමණක් බවයි.

මේ අතර කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ආදාහනාගාර ගාස්තුව ද විශාල වශයෙන් වැඩිකර තිබෙන බවට වාර්තා වනවා.

කොළඹ නගරවාසීන්ට රුපියල් 1000ක්ව තිබූ ආදාහනාගාර ගාස්තුව රුපියල් 10, 000 දක්වාත් කොළඹ නගර සභාවෙන් පිටස්තර පුද්ගලයින් සඳහා ඒය රුපියල් 20,000 දක්වාත් ඉහල දමා තිබෙනවා.

මෙලෙස ආදාහනාගාර සහ සොහොන් ගෙවල් සඳහා අය කරන මුදල විශාල වශයෙන් වැඩි කිරීම විශාල අසාධාරණයක් බව ජනතාව පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...