විජේදාස ‘නාට්‍ය’

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේදීම මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රට බේරාගන්නා ලෙසට මහා සංඝරත්නයෙන් දැනුම් දීමක් කළ බවයි.

තමන් සමග මුලු මහනුවර ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ම එක්ව සිටින බව ඔහු පවසා ඇත.

මේ වනවිට රටේ ආර්ථික දේශපාලන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව හැසිරවීම වෙනුවෙන් පනත් සංශෝධනය වෙනුවෙන් රනිල්ට සහය වෙමින් සිටින්නේ විජේදාස රාජපක්ෂයි.

නමුත් ඔහු එක විට රනිල්ට පක්ෂපාති මෙන්ම විරුද්ධ චරිත ද රඟපාමින් සිටියි. කෙසේවෙතත් මේ පිටුපස බලයට ඇති කෑදරකම නම් අනිවාර්යයෙන් පවතින බව බොහෝ පිරිසක් පවසමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...