රාජ්‍ය සේවකයන්ට 5000ක් දෙන්නේ බදු ගෙවන්නද?

මෙවර අයවැය මගින් රජයේ සේවකයන් සඳහා ලබා දීමට යෝජනා කළ රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමෙන් රුපියල් 5000 ක් ලබන ජනවාරියේ සිට ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහිදී විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක දීමනා වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබා දීමට ද එකඟතාව පළ වී ඇත.

අදාළ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5000ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට අයවැය කතාවේ දී යෝජනා විය.

විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500 ක් අප්‍රේල් මාසයේ සිට ලබා දීමට ද අයවැය හරහා යෝජනා කෙරිණි.

ලබන ජනවාරියේ සිට එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩිවීමට නියමිතය. ඒ අනුව සෑම භාණ්ඩයකම මිල දෙතුන් ගුණයකින් වැඩිවීමට නියමිතය. ඊට අමතරව බිදුලිය සහ ජල බිලද තෙල් මිලද වැඩිවෙනු ඇත. මේ සියල්ල දරාගැනීමට පොදු ජනතාවට සිදුවේ. රාජ්‍ය සේවකයන්ට පමණක් රු 5000ක් ලැබුනද එවැනි සොච්චමක් වැඩිවෙන බඩු මිල සහ සේවා ගාස්තු බිල් ගෙවීමට කොහෙත්ම නොසෑහේ. රාජ්‍ය සේවකයන් නොවන බහුතරයකට එම සොච්චම ලැබෙන්නේ ද නැත. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන පිරිස් පවසන්නේ ජනවාරියේ සිට රු 15000ක් පමණ බදු අයකිරීමට රාජ්‍ය සේවකයන්ට පමණක් රු 5000ක් ලැබෙනු ඇති බවයි.

කාටුනය උපුටා ගැනීම – අවන්ත ආටිගලගේ facebook පිටුවෙනි

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...