යහපත් දරුවන් ලෙස දරුවන් තෝරන මනෝමිතික විහිළු සහගත මිනුම් දඬු පාසල් පුරාත් සමාජයේත් දැකිය හැකි අතර ඇතැම් මිනුම් දරුවන්ගෙ පෞරුෂය සම්පූර්ණයෙන් බිඳ හෙළයි..ඇතැම් වැඩිහිටියන් සහ ඇතැම් පාසල් ගුරුවරුන් අතීතකාමයෙන් මඩනා ලද සිතින් අතීත ආශ්චර්යය දරුවන්ගෙන් දකින්නට උත්සාහ කරන අතර නිතරම ඒ කාලේ මෙහෙම යි ඒකට දැන් කාලේ මෙහෙමයි යනුවෙන් විස්සෝප වෙමින් ඒ කාලය දරුවන් ලවා ප්‍රතිනිර්මාණය කිරීමට අභිරුචියක් දක්වයි. අතීත සංස්කෘතික උරුමයක් ලෙස පවරා දීම යන කාරණයේදි බහු සංස්කෘතික බහු වාර්ගික සමාජයක අප ඒවා බලෙන් කිසිවකුට පැටවිය යුතු ද නැත. සංස්කෘතිය කලාව වේදිකාවක් තුළ ප්‍රතිනිර්මාණය විඳීම දරුවන්ට හඳුන්වා දීම තුළ වෙනම කාර්‍ය භාරයක් ගුරුවරුන්ට ඇති බව පිළිගනිමි.එහෙත් එතනදීද අප අතින් සිදුවිය හැකි මහත් වැරදි තිබේ. මේවා දරුවන්ගේ අභිලාෂ සමග සංයමයෙන් ගළපාගෙන ඉගැන්විය යුතු ය..
සමාජ පරිණාමය, විද්‍යාත්මක සහ තාක්ෂණික වෙනස්වීමේ සිට කෘත්‍රිම බුද්ධිය පිළිබඳව නව මානයන් එළිබට මෙවන් යුගයක අපි මේවා පිළිබඳව ආකාර්ෂණීය ඉගැන්වීම්ද කරනෙමු … එහෙත් එවැන්නන්ගෙන් ඇතැමෙක් ජීවත් වන්නේ ප්‍රායොගික තලයේදී අර ඉගැන්වීම්වලට සපුරා වෙනස් ය.නමුත් ලෝකය කොතරම් දියුණු වුවද ආකල්පමය අතින් වර්තමාන පරම්පරාව,වෙසෙසින් 2000 න් පසු උපන් අය දුප්පත් බවද පෝසත් ආකල්ප තමන්ට ඇති බව හිතන පෙර කිවූ ආකාරයේ වැඩිහිටියන් ද ගුරුවරු ද නිතරම දරුවන්ට චෝදනා කරයි.මෙම චෝදනාව ගෙඩි පිටින් බැහැර කිරීමට හෝ පිළිගැනීමට වඩා අපට ඒ පිළිබඳව සීරුවට සොයා බලා අනාගත ලෝකයට සාකල්‍යමය අධ්‍යාපනික අත්පත් කරගැනීම් සහිත දරුවන් බිහි කිරීම උදෙසා කැප විය යුතු ය. .ඔය ආකල්ප නැත්තේ දරුවන්ටත් වඩා වැඩිහිටියන්ට බව පසක් වූ අවස්ථාවක මේ ලිවීම සිදුවූ අතර අලුත් පරම්පරාවට යහපත් ආකල්ප නැතැයි යන්න ම මා දකින්නෙ ප්‍රශ්නය නැට්ටෙන් මිසක නිවැරදි තැනින් අල්ලා නොගත් බවක් නම් නොවේ..(සංවාදයට විවෘත ය)
ගෑනු දරුවෙක් ළමා සාරියක් ඇඳගෙන වුවද සඳ තරණය කරන්නේනම් “අනේ සංවරයි ..මේ අපේ ලංකාව කියල ලෝකෙටම කියන්න පුළුවන්.. බලන්න ඒ දරුවගෙ සදාචාරය..” කියා අමුතු තාලේ ආස්වාද ලබන (වර්තමාන තරුණ පිරිස් කියන විදියට මෝඩ ආතල් ) අරුම පුදුම ඇගයුම් ඇති ගුරුවරු ද අපතර ඉන්න පුලුවන් බව මේ දිනවල මට සිතුණා..රට කරවන ව්‍යවස්ථාවේ සිට සමස්ත අධ්‍යාපනයත් පාසල් රෝහල්, උසාවි, ආදි මෙකී නොකී ආයතන පද්ධති පමණක් නොව අමුවෙන් ම උරා ගත් සුද්දගෙ සංකල්පවල සිට ඉංග්‍රීසි නැතිව හෙටක් නෑ වගේ දැනෙන දනවන යුගයක දරුවෙක් හිපොප් ස්ටයිල් එකට නැටුමක් නැටුවම ඒක දිහා වපර ඇහින් බැලීම පමණක් නෙවෙයි ආයෙ එහෙම ඒව ඕන නැ කියල ඇඟවීම් කරන්ට පවා යොමු වීම සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ ඒකට පාසල් ගුරුවරියකට ඇති සදාචාරමය අයිතිය කුමක්ද කියලයි…එවන් අයගෙ fb profile වල ඒ අය අලුත් තාලේ ඇප්වලින් හින්දි නිළියන්ගෙ ඇඟවල් වලට බද්ධ වී අලංකාර සාරිවලින් නාරි දේහ සකසාගෙන හිඳිනු දැක්කාම සිතෙන්නෙ සියලු දෙනාම මිනිසුන් බවයි. කොයි කාටත් විවිධ හැඟීම් ආසාවන් ඇති බවයි. හැඟීම් විවිධ බවයි ..40 ,50 පැනපු අපිට අපේ රුව ස්ටුඩියෝවකට ගිහින් මිස ඒ කාලේ ලේසියෙන් විවිධ ඇඟලුම්වලින් වේශ නිරූපණයෙන් වෙනස් කළ නොහැකිව තිබුණද වර්තමානයේ එවන් විනෝදයක් රසයක් ඕනෑම කෙනෙකුට ලැබිය හැකි ය .කරුණු මෙසේ හෙයින් වත්මන් නව යොවුන් වියේ දරුවන් ගේ විනෝදාංශයන් සහ ඔවුන්ගෙ අනාගත ඉලක්ක, අරමුණු කිසිවෙකුට පෞද්ගලිකව මැදිහත් වී විනාශ කිරීමට ඉඩ දිය යුතුද…
ආදරණිය ගුරු භවතුනි, ඔබට අවැසි ඉතිහාසයේ ඔනෑම අවදියක ඔබ යන්න.අතීතයට මනසින් ගොස් රස විඳින්න.නොඑසේනම් එවැනි වින්දනයකට ඕනෑ තරම් ප්‍රවේශ මාධ්‍ය තුළ ඇත ..අතීතකාමය විසින් ඔබ මෙහෙයවන සිතුවිලි පෙරහැරක නැට්ටුවෙකු හෝ නිළියක ලෙස දරුවන් නොයොදන්න……කරුණාකර දරුවන්ගෙ පෞරුෂය නොබිඳින්න….. අගේ නොකරන්නෙ නම් නිහඬ වෙන්න. .දෙමාපියන් සහ ආදරණීය හදවත් ඇති ගුරුවරුන් විසින් ඔප මට්ටම් කළ අලංකාර මැණික් කැට කුහක සදාචාරය නමැති මිටියෙන් නොතලන්න..උන්ට උන්ගෙ පාරේ යන්න දෙන්න…..