බළලා මල්ලෙන් එළියට – රනිල්, ජනාධිපති ධුර කාලය ගැන හොයන්න යෝජනාවක් ඉදිරිපත් කරලා!

පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ද, 6ද යන්න නිරාකරණය කරගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර අද දින මැදවච්චියේදී පැවැති රැස්වීමකදී අනාවරණය කර තිබේ.

එහිදී ඔහු කියා සිටියේ එම යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවකි.

කෙසේවෙතත් ඊයේ දින ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි ස්ථාවරය බවකි.

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටි බව එම නිවේදනයේ සදහන්ව තිබිණ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...