බළලා මල්ලෙන් එළියට – රනිල්, ජනාධිපති ධුර කාලය ගැන හොයන්න යෝජනාවක් ඉදිරිපත් කරලා!

පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ද, 6ද යන්න නිරාකරණය කරගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර අද දින මැදවච්චියේදී පැවැති රැස්වීමකදී අනාවරණය කර තිබේ.

එහිදී ඔහු කියා සිටියේ එම යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවකි.

කෙසේවෙතත් ඊයේ දින ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි ස්ථාවරය බවකි.

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටි බව එම නිවේදනයේ සදහන්ව තිබිණ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...