ධූර කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – රනිල් ජනාධිපතිවරණය තියයිද?

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියම කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කර ඇත.

ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව විසින් වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි.

ගැටළුවක් ලෙස ඇත්තේ මෙම තීන්දුවෙන් මැතිවරණ කල් දැමීම සම්බන්ධ රනිල්ගේ වුවමනාව පරාජය වූවාද යන්නයි. පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ද, 6ද යන්න නිරාකරණය කරගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර පසුගියදා මැදවච්චියේදී පැවැති රැස්වීමකදී අනාවරණය කර තිබේ.

එහිදී ඔහු කියා සිටියේ එම යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවකි.

ඒ අනුව රනිල් කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි තමන්ට අවශ්‍ය දේ කරගැනීමට උත්සාහ කරනු ඇත.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයට විරුද්ධව කිසිදු දෙයක් නොකර ජනාධිපතිවරණය පවත්වන තුරු පෝයවල් ගණන් කරමින් සිටින මහත්තුරුන්ට සිදුවන්නේ දිගටම පෝයවල් ගණන් කරමින් සිටීමටයි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...