විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමේදී අසාධාරණයට පත් ශිෂ්‍ය උද්ඝෝෂණයට විසඳුම් වෙනුවට ඊට එරෙහි අධිකරණ නියෝගයක්

2019 උසස් පෙළ විභාගයේ විශ්ව විද්‍යාල පිවිසුම් ලකුණු සම්බන්ධ ගැටළුවට විසුඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(23) කොලඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව කැඳවූ විරෝධතාවට පොලිසිය බාධාකර තිබේ.

2019 වසරේ උසස් පෙළ විභාගයේදී විෂය නිර්දේශ දෙකකට අදාළ සිසු සිසුවියන් පිළිතුරු සැපයීම නිසා එම වෙනස්කමට අනුව සරසවි ප්‍රෙව්ශ ලකුණු වෙන වෙනම ලබාදිය යුතු බවද සරසවි පිවිසුමට සමාන අවස්ථා ලබාදිය යුතු බවටද කළ ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින්ගේ කිසිදු විසඳුමක් ලැබී නැත. මේ සම්බන්ධව දිස්ත්‍රික් මට්ටමෙන් සිසුන්, මව්පියන් හා එක්ව අ.වි.ශි.බ.ම. සංවිධානය කළ ඉල්ලීම් හා විරෝධතා සම්බන්ධව අධ්‍යාපන බලධාරින් හෝ ආණ්ඩුවේ වගකිව යුත්තන් කිසිදු විසඳුමක් ඉදිරිපත්කර නැත. 2021 සඳහා අධ්‍යාපන ප්‍රතිපාදනද රු. බිලියන 41කින් කපා දමා තිබීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කප්පාදුව ඉදිරියට ගෙනයමින් පවතින බව චෝදනා නැගී තිබේ.

අද කැඳවූ විරෝධතාව තහනම් කරමින් අධිකරණ නියෝග ගෙන ආ පොලිස් නිලධාරින්ට විරෝධතාකරුවන් දන්වා සිටියේ අධිකරණ නියෝගවලින් වසර 13ක් අධ්‍යාපනය ලබා සරසවි අධ්‍යාපනයට අපේක්ෂා සහිතව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකගේ ගැටලුවට විසඳුමක් නොලැබෙන බවය.

Share post:

Popular

වෙනත් පුවත්

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...