සිංහරාජ මාර්ගය ඉදිකරන්නෙ ගම්වැසියන්ගේ ඉල්ලීමකට – මහා මාර්ග අමාත්‍යංශය බොරු කියයි

ලෝක උරුම සිංහරාජය මැදින් ඉදිකරන කිලෝමීටර් 18ක් දිග මාර්ගය ඉදිකරන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත බව මහා මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

එහෙත් පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදුනොකරන ලෙස ජනාධිපතිවරයා විසින් වනජීවී හා වනසම්පත් ඇමතිවරයාට උපදෙස් ලබාදී ඇති නිසා මෙම මාර්ගයේ සංවේදී කලාපතුළ පිහිටි 1.1km ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ දැක්වේ.

සිංහරාජය මැදින් ඉදිකරන දෙණියාය මාර්ගය 2013 වර්ශයේද ඉදිකිරීමට උත්සහ ගත් මාර්ගයකි. පසුව ඒ පිළිබඳ පරිසර සංවිධාන විසින් යුනෙස්කෝ සංවිධානයට දැන්වීමෙන් අනතුරුව එය අතරමග නැවත්වීමට හැකිවිය.

දෙණියායේ සිට නෙලුව දෙසට යාමට කාපටි සහිත පුලුල් මාර්ගයක් මේ වන විට ඇති නිසා එම ජනතාවට මෙම මාර්ගය ඉදිකිරීමේ කිසිදු සෙතක් නොවන අතර ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත මාර්ගය ඉදිවන බව පැවසීම බොරුවකි.

2013 වර්ෂයේ සැළසුමි කර තිබු හොටල් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පහසුකමි සළසා ගැනීම සදහා මෙම මාර්ගය ඉදිවන බව පැහැදිළිව දැකගත හැකිය.

විවිධ පරිසර සංවිධානවලින් සහ පරිසර ක්‍රියාකාරීන්ගෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හමුවේ ජනාධිපතිවරයා පරිසරයට හානි නොකර මාර්ගය ඉදිකරන ලෙස උපදෙස් දී ඇති පැවසුනත් පරිසර තත්ත්ව වාර්තාවක් හෝ නොමැතිව එය නියාමනය වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...