සිංහරාජ මාර්ගය ඉදිකරන්නෙ ගම්වැසියන්ගේ ඉල්ලීමකට – මහා මාර්ග අමාත්‍යංශය බොරු කියයි

ලෝක උරුම සිංහරාජය මැදින් ඉදිකරන කිලෝමීටර් 18ක් දිග මාර්ගය ඉදිකරන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත බව මහා මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

එහෙත් පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදුනොකරන ලෙස ජනාධිපතිවරයා විසින් වනජීවී හා වනසම්පත් ඇමතිවරයාට උපදෙස් ලබාදී ඇති නිසා මෙම මාර්ගයේ සංවේදී කලාපතුළ පිහිටි 1.1km ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ දැක්වේ.

සිංහරාජය මැදින් ඉදිකරන දෙණියාය මාර්ගය 2013 වර්ශයේද ඉදිකිරීමට උත්සහ ගත් මාර්ගයකි. පසුව ඒ පිළිබඳ පරිසර සංවිධාන විසින් යුනෙස්කෝ සංවිධානයට දැන්වීමෙන් අනතුරුව එය අතරමග නැවත්වීමට හැකිවිය.

දෙණියායේ සිට නෙලුව දෙසට යාමට කාපටි සහිත පුලුල් මාර්ගයක් මේ වන විට ඇති නිසා එම ජනතාවට මෙම මාර්ගය ඉදිකිරීමේ කිසිදු සෙතක් නොවන අතර ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත මාර්ගය ඉදිවන බව පැවසීම බොරුවකි.

2013 වර්ෂයේ සැළසුමි කර තිබු හොටල් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පහසුකමි සළසා ගැනීම සදහා මෙම මාර්ගය ඉදිවන බව පැහැදිළිව දැකගත හැකිය.

විවිධ පරිසර සංවිධානවලින් සහ පරිසර ක්‍රියාකාරීන්ගෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හමුවේ ජනාධිපතිවරයා පරිසරයට හානි නොකර මාර්ගය ඉදිකරන ලෙස උපදෙස් දී ඇති පැවසුනත් පරිසර තත්ත්ව වාර්තාවක් හෝ නොමැතිව එය නියාමනය වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...