රනිල් අල්ලස් කොමිසම ලබාදුන් දිනය නැවතත් ප්‍රතික්ෂේප කරලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත්, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ තමාගේ නීතීඥවරයා විදෙස්ගතව ඇතිබැවින් ඔහු දිවයිනට පැමිණි විගස තමා අල්ලස් කොමිසමට පැමිණෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ නඩුවට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහට මින් පෙර දැනුම් දීමක් නිකුත් කර තිබුණි.

කෙසේවෙතත්, ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබුණි. නැවතත් ඔහු ලබාදුන් දිනයද ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...