මහමොලකරු ගැන ප්‍රකාශ කිරීමේ වගකීම CIDයට සහ අධිකරණයට!

අප්‍රේල් 21වනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිකරන බව පැවසූ ජාතික ජන බලවේගය ආණ්ඩුව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට බෝලය පාස් කර තිබේ.

මහ මොලකරු එක්කෙනක්ද නැතිනම් කිහිප දෙනෙක්ද යන්න පිළිබඳ තීරණය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාර කරන බව ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කර ඇත.

මේ ගැන පරීක්ෂණ නිසි පරිදි සිදු වන බවත්, ඊට අදාළ දින වකවානු ප්‍රකාශ කිරීමට මෙම අවස්ථාවේ නොහැකි බවත් කැබිනට් ප්‍රකාශකවරයා පවසා ඇත.

”සෑහීමකට පත්විය හැකි විමර්ශන වල ප්‍රගතියක් පෙන්නුම් කරමින් යනවා. මහ මොලකරු එක්කෙනයිද කිහිප දෙනෙක්ද , ඒක හෙළිදරව් කරන්නේ කවද්ද කියන එක අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරමු. අධිකරණයට භාර කරමු. අනිවාර්ය වශයෙන්ම පරීක්ෂණ නිසි පරිදි සිදු වෙනවා. ඒකට දින වකවානු මේ වෙලාවේ කියන්න බෑ.

ප්‍රශ්නය –
21 වැනිදාට කලින් ජනාධිපතිවරයා කරන ප්‍රකාශය ගැන රටක් බලාගෙන හිටියා. ඒ කියන්නේ ජනාධිපතිතුමාව නිලධාරීන් නොමග යවනවාද? එහෙම නැතිනම් ජනාධිපතිතුමා රට නොමග යවනවාද? 21 වැනිදා වන විට සැලකිය යුතු ප්‍රකාශයක් කරයි කියලා බලන් හිටියේ.

පිළිතුර –
කවුරුත් කලබල වෙන්න එපා. මේ කුමන්ත්‍රණයට නියමින් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...