ගැසට්කල රක්ෂිතයකින් ගොවියන් අතර බෙදාදීමට ඉඩම් හොයන්න හෙට පරිසර ඇමති ඇතිමලේ සංචාරයක

යාල හා කුමන ජාතික වනෝද්‍යානයන්ගේ ප්‍රේරණ කලාපයේ ඇති කැබිලිත්ත රජයේ අරක්ෂිතයේ ඉඩම් ගොවියන් අතර බෙදාදීමට ඇති හැකියාව සොයාබැලිමට ජාතික ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මංත්‍රි අජිත් අගලකඩගේ ආරාධනයෙන් පරිසර ඇමති ධම්මික පටබැඳි මහතා හෙට ( 29) ඇතිමලේ ප්‍රදේශයේ සංචාරයක.

ඇතිමලේ සිට කැබිලිත්ත රක්ෂිතය දක්වා ට්‍රැක්ටර් රථ මගින් යන ඇමති ඇතුලු පිරිසට දිවා ආහාරය කැබලිත්තේදී ගොවි ව්‍යාපාරිකයන්ගෙන්.

ජනාධිපතිවරුන් වන මහින්ද, ගෝඨාභය, මෛත්‍රී, මෙන්ම රනිල් සමයේදී, පවා මෙම රක්ෂිතයේ ඉඩම් බෙදාදීමට ඉඩ නොදී තිබියදී, පරිසරය ආරක්ෂා කිරිමට කැපවෙන බව පවසා බලය ගත් ජනපති අනුරගේ ආන්ඩු සමයේදි, මෙම කැලැ ඉඩම් බෙදා දීමට සලකා බැලිම පවා කනගාටුදායක බව පරිසරවේදීහු කියති.

කැබලිත්තෙන් ඉවත්කල ගොවියන් සදහා අක්කර 25000ක් වන සංරක්ෂණය සතු ඉඩම්වලින් ලබාදී තිබියදී, ගැසට්කල රක්ෂිතයකින් නැවත ඉඩම් ඉල්ලීම සාධාරණ නොවන බව වන නිළධාරිහු කියති.

වත්තේගම කැබිලිත්ත රක්ෂිතය 2012.11.12 දින අංක 1784/9 දරණ අති විශේෂ ගැසටිපත්රයක් මගින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙි.මෙහි විශාලත්වය හෙක්ටයාර 28926කි. මෙය යාල හා කුමන ජාතික වනෝද්යානයන්ට මායිමිව ඇති තර්ජනයට ලක්වු රක්ෂිත වනාන්තරයක් ලෙස හදුනාගෙන ඇත.

Nayana Sanjeewa

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...