අනුර ඉන්දියානු විදෙස් ඇමති හමුවෙයි

ඉන්දියාවේ ආරධනයකට අනුව එරට සංචාරයක නිතරව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජෙයිශංකර් හමුව තිබෙනවා.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සතුටට පත් විය හැකි කාරණයක් බවයි.

එමෙන්ම ද්වී පාර්ශවික සබඳතා ශක්තිත් කිරීම සඳහා වඩා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවද ඔහු එම සටහනෙන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කළ බව එස්.ජෙයිශංකර් මහතා තවදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදීද අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබා දීමේ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමන කරමින් ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු වශයෙන් ඉන්දියාව කටයුතු කරන බවද ඉන්දිය විදෙස් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඉන්දීය ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිසක් අද අලුයම (05) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත් වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...