රනිල්ගෙ ආර්ථික ඉලක්කම් බොරු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති ආකාරයට 2028 වසර වනවිට ආර්ථිකය ලඟාකර ගත යුතු ඉලක්ක සම්බන්ධයෙන් ආණ්ඩුවේ පුරෝකතන සාවද්‍ය බව හෙළි කර තිබේ.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ 2028 වනවිට ශුද්ධ විදේශ ආයෝජන යොදවා දේශීය නිෂ්පාදන කර්මාන්තය තුළින් නව අපනයන අවස්ථා 40%කින් වත් වැඩි කර ගත යුතු බව ය.

එමෙන් ම, රටේ දරිද්‍රතා මට්ටම පහත හෙළා ගැනීමට දළ දේශීය නිෂ්පාදිතය 6% ඉක්මවූ වේගයකින් 2028 දක්වා පවත්වා ගැනීමෙන් දරිද්‍රතාවය 15%ක මට්ටමට පමණක් අඩුකර ගත හැකි බව ද පෙන්වා දී තිබේ. එහෙත්, පසුගිය වසර ගණනාවක් තුළ මෙරට නිෂ්පාදන කර්මාන්ත ක්‍රමානුකූලව බිඳ වැටී රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ආර්ථික හැකිළීමේ උපාය මාර්ගයට අනුව දරුණු බිඳ වැටීමකට ලක්වී ඇති බව පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී කර්මාන්නකරුවන් රැක ගැනීම වෙනුවෙන් 7%ක පොලී අනුපාතයක් මත ණය පහසුකම් ලබා දෙන බව පැවසුවද එය තවත් මැතිවරණ ප්‍රචාරයක් පමණක් බව පෙන්වා දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...