Breaking News

රනිල්ගෙ ආර්ථික ඉලක්කම් බොරු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති ආකාරයට 2028 වසර වනවිට ආර්ථිකය ලඟාකර ගත යුතු ඉලක්ක සම්බන්ධයෙන් ආණ්ඩුවේ පුරෝකතන සාවද්‍ය බව හෙළි කර තිබේ.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ 2028 වනවිට ශුද්ධ විදේශ ආයෝජන යොදවා දේශීය නිෂ්පාදන කර්මාන්තය තුළින් නව අපනයන අවස්ථා 40%කින් වත් වැඩි කර ගත යුතු බව ය.

එමෙන් ම, රටේ දරිද්‍රතා මට්ටම පහත හෙළා ගැනීමට දළ දේශීය නිෂ්පාදිතය 6% ඉක්මවූ වේගයකින් 2028 දක්වා පවත්වා ගැනීමෙන් දරිද්‍රතාවය 15%ක මට්ටමට පමණක් අඩුකර ගත හැකි බව ද පෙන්වා දී තිබේ. එහෙත්, පසුගිය වසර ගණනාවක් තුළ මෙරට නිෂ්පාදන කර්මාන්ත ක්‍රමානුකූලව බිඳ වැටී රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ආර්ථික හැකිළීමේ උපාය මාර්ගයට අනුව දරුණු බිඳ වැටීමකට ලක්වී ඇති බව පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී කර්මාන්නකරුවන් රැක ගැනීම වෙනුවෙන් 7%ක පොලී අනුපාතයක් මත ණය පහසුකම් ලබා දෙන බව පැවසුවද එය තවත් මැතිවරණ ප්‍රචාරයක් පමණක් බව පෙන්වා දී තිබේ.

leave a reply