Breaking News

ඉතාලියේ වෛද්‍ය අක‍්‍රමිකතා සිදුවීම් කොතරම් පොදුද?

තීමස් විජිත්

ඕනෑම රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ සෞඛ්‍යයයි. රටක සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තත්වයට සාපේක්ෂව ජනතාවගේ සෞඛ්‍ය තීරණය වන අතර පවතින සෞඛ්‍ය විසින් ජනතාව අවධානමට ලක්කරන්නේ නම් එය කේදවාචකයකි. අප මින් අවධානය යොමු කිරීමට සැරසෙන්නේ ඉතාලියේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රෝගී තත්වය විසින් ඇති කර තිබෙන තත්වයයි.

ඉතාලියේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් විසින් සිදුකරන වැරදි සමහර විට ආපසු හැරවිය නොහැකි අතර සෑම විටම පාහේ රෝගියාට සහ ඔහුගේ පවුලේ අයට බරපතල ප‍්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකිය.

මේ හේතුව නිසා වෛද්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ ප‍්‍රශ්නය පුරවැසියන්ට ඉතා සියුම් හා ගැඹුරින් දැනේ. විශේෂයෙන් ඉතාලියේ වසරකට රජයේ හෝ පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවා ආයතන වලට එරෙහිව ගොනු කරනු ලබන නඩු සංඛ්‍යාව 300.000 කි.

මෙය ඉතාලියේ ඉන්ෆොග‍්‍රැෆික් අක‍්‍රමිකතාවයේ ඉදිරිපත් කර ඇති දත්ත වලින් එකකි. රෝහලක, හදිසි කාමරයක හෝ විශ‍්‍රාමික නිවසක වැරදිකරුවන් වන පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා වසර 25 කට වැඩි කාලයක් ක‍්‍රියාකාරීව සිටින පෙරිප්ලෝ ෆැමිලියර් වෛද්‍ය අක‍්‍රමිකතා වින්දිතයින්ගේ සංගමය විසින් නිර්මාණය කරන ලද්දකි. සැබෑ තත්වයන් සඳහා උදාහරණ කිහිපයක්.

වසර 25 කට වැඩි කාලයක් ඉතාලියේ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියාකාරීව මැදිහත් වන පෙරිප්ලෝ ෆැමිලියර් සංවිධානය විසින් ඉතාලියේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අක‍්‍රමිකතා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කල අවස්ථාවේ හෙළිවූ එක් තොරතුරකි.

රෝගී සෞඛ්‍ය හේතුවෙන් ඉතාලි රාජයට දැරීමට සිදුවන වියදම් මොනවාද?

ලෙඩ සහිත සෞඛ්‍ය සේවය හේතුවෙන් යම් පුද්ගලයෙකු ශාරිරික හෝ මානසික හානියකට ගොදුරුවීමකට හෝ ජීව විද්‍යාත්මක හානියක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් ඔවුන් වෙත වන්දි ලබා ලබාදිය යුතුයැයි ශාරීරික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ ඉතාලි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇත. එසේ හෙයින් යම් හානියකට පත්වන පුද්ලගයින් ස්වාභාවිකවම පිරිවැය හානිවලට වන්දි ලබා ගැනීමට උත්සාහ කරන තත්වයක් තුල රාජයට ඒ වෙනුවෙන් අනිවාර්යය වියදමක් දැරීමට සිදුවේ.

නවතම දත්ත වලට අනුව, එක් වන්දි ගෙවීමක් සඳහා වැය වන මුදල යුරෝ 96,831ක සාමාන්‍ය අගයක් ගන්නා අතර එය පෙර වසරට සාපේක්ෂව 4% ක වැඩිවීමකි.

මෙයින් අදහස් කරන්නේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි සම්පත් වලින් සැලකිය යුතු කොටසක් හානිවලට වන්දි ගෙවීම සඳහා භාවිතා කරන බවයි. ඒ නිසා සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම මගහැරෙන අතර ඒ හේතුව නිසා නැවත හානි අවම කිරීමටද ඇති හැකියාව ගිලිහී යයි.

තොරතුරු හෙළි කිරීමේ වැඩසටහනට අනුව මෙවැනි සිද්ධීන් වැඩිපුරම සිදුවන්නේ කොහේදැයි අපි දනිමු. භුගෝලීය වශයෙන් සැලකු විට දකුණේ සහ ඒ ආශ‍්‍රිත දූ දූපත් වල 44.5% ක්ද, උතුරෙන් 32.2% ක්ද, මධ්‍යම කලාපයෙන් 23.2% ක්ද වේ. ඊටත් වඩා සම්පූර්ණ දැක්මක් ලබා ගැනීම සඳහා, වළක්වා ගත හැකි මරණ අනුපාතය, එනම්, අවාසනාවකට මෙන්, වෛද්‍ය දෝෂයක් හේතුවෙන් සිදු වූ මරණ ගැන දැන ගැනීම සුදුසුය.

ගණනය කරන ලද සාමාන්‍ය අනුපාතය 100,000 කට 69.93 ක් වන නමුත් එය පැහැදිලිවම කලාපයෙන් කලාපයට වෙනස් වේ. ත්‍රෙන්තෝ කලාපයෙන් අඩුම අනුපාතය වන 50.81 වාර්ථා වන අතරකම්පානියා කලාපයේ වැසියන් 100,000 කට වළක්වා ගත හැකි මරණ 89.83 ක් ලෙස වාර්තා කරයි. කෙසේ වෙතත් වඩාත්ම සිත්ගන්නා දත්ත වන්නේ වෛද්‍ය අක‍්‍රමිකතා සිදුවන දෙපාර්තමේන්තු(අංශ* පිළිබඳ අවධානය යොමු කිරීමේදීය.

සෞඛ්‍ය දෝෂ වල වඩාත් සුලභ ක්ෂේත‍්‍ර මොනවාද?

අවාසනාවකට මෙන්, ශල්‍යකර්ම මැදිහත්වීම් බොහෝ දුරට අවදානමට ලක්වන ක්ෂේත‍්‍රය වන අතර වෛද්‍ය අක‍්‍රමිකතා වලින් 38.4% ක් ශල්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන දෝෂ නිසා සිදුවේ. රෝග විනිශ්චය දෝෂ 20.7% ක්ද, චිකිත්සක දෝෂ 10.8% සහ රෝහලේ හෝ හදිසි අනතුරු අංශයේ සිදුවන ආසාදන තත්වයන් නිසා 6.7%ද ලෙස සිදුවේ.

වැඩිම අක‍්‍රමිකතා සිදුවන දෙපාර්තමේන්තු මොනවාදැයි අවධානය යොමු කරන විට පෙනී යන්නේ විකලාංග හා කම්පන විද්‍යා අංශය 20.3%ක්ද, සාමාන්‍ය සැත්කම් අංශයේ 12.9%ක්ද, හදිසි අනතුරු අංශයේ 12.6%ක්ද ප‍්‍රසව හා නාරිවේදය අංශයේ 10,9%ද ලෙස වාර්ථා වේ.

මෙම දත්ත හමුවේ, අනෙකුත් යුරෝපා සංගම් රටවල් සමග මෙහි තත්වය සැසඳීමද වඩා සුදුසු වේ. මන්ද යම් ආකාරයකින් ඉතාලිය තරමක ධනාත්මක තත්වයක සිටියත් තවත් තැනක පිරිහීමේ අවදානමක්ද පවතින බව තේරුම් ගැනීම සඳහාය.

ඉතාලි පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. ඇත්ත වශයෙන්ම ඉතාලියේ මෙම අගය යුරෝපා සංගමයේ සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගනී. එය යුරෝපා සංගමයේ සාමාන්‍ය 80.9 ට එරෙහිව ඉතාලියේ සාමාන්‍ය අගය අවුරුදු 83.1කි. ගැටළුව වන්නේ යුරෝපීය සාමාන්‍යයට සාපේක්ෂව රෝහල් ඇඳන් අඩු අගයක් ගැනීමයි. එය යුරෝපා සංගමයේ සාමාන්‍ය අගය 5 ට සාපේක්ෂව ඉතාලියේ 3.2කි. හෙදියන්ගේ ප‍්‍රමානයද අඩු අගයකි. ඉතාලියේ එය පුරවැසියන් 1000 කට 5.8 ක් වන අතර යුරෝපා සංගමයේ සාමාන්‍යය 8.5 කි. ඒ අතර ඉතාලියේ වෛද්‍යවරුන් සංඛ්‍යාව තරමක් ඉහළ නමුත් ප‍්‍රමාණවත් නොවේ. එය ඉතාලියේ පුරවැසියන් 1000 කට 4 ක්, වන විට යුරෝපා සංගමයේ සාමාන්‍යය 3.6කි.

ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය අංශයේ වෛද්‍ය අක‍්‍රමිකතා සිද්ධි වැඩි වීමට බලපාන තවත් ගැටළුවක්ව තිබෙන්නේ පිරිස් හිගය පිළිබඳ ගැටලූවයි. මේ මොහොතේ ඉතාලි වෛද්‍යවරුන්ගෙන් 50%ට වඩා අවුරුදු 55 ට වැඩි අය වේ. ඉදිරි වසර 10ක කාලය තුළ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ‍්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් වහ වහා ඊට මැදිහත්වී කටයුතු නොකලහොත් ඉදිරියේදී වඩා භයානක තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ මොහොතේ මුහුණ දීමට සිදුව තිබෙන සෞඛ්‍ය හදිසි අවස්ථාව හේතුවෙන්, මෙම දත්ත සමහරක් ලබන වසරේදී වෙනස් වනු ඇති අතරඒ හේතුව නිසාම මේ මොහොත මහජන සෞඛ්‍ය සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීමට හා දූෂණ අවම කිරීමට අවධානය යොමු විය යුතුය. මේ ආකාරයෙන් පමණක් සෞඛ්‍ය දෝෂ අවම කර ගැනීමට මෙන්ම සියලූම ඉතාලියානුවන්ගේ සෞඛ්‍යයද වඩා හොඳින් ආරක්ෂා වනු ඇත.

( තොරතුරු ස්පුට්නික් වෙබ් අඩවිය ඇසුරෙනි)

තීමස් විජිත්

 

leave a reply