කාන්තා ශ්‍රම බලකාය ගැන කියන අගමැතිනියට රැකියා විරහිත උපාධිධාරීන් අමතක වෙලා

ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තාවන් වැඩිපුර සහභාගී කරගත යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසා තිබේ. එහිදී ඇය ප්‍රධාන ලෙස සඳහන් කරන්නේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වයේ පංගුව අඩුවීම ගැනයි.

අගමැතිවරිය මේ බව පවසා ඇත්තේ මූල්‍ය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පැවති උත්සවයකදීයි.

මේ දිනවල රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තු වටරවුම අසළ වාඩිලා ගනිමින් ඉල්ලා සිටින්නේ තමන්ට රැකියා ලබාදෙන ලෙසයි. එනම් මේ අගමැතිවරිය පවසන පරිදි ආර්ථික ක්ෂේත්‍රයට දායකත්වය දැක්වීම සඳහා ශ්‍රම බලකායට එකතු කරගන්නා ලෙසයි. එම ස්ථානයේ සිටින බහුතරය කාන්තාවන් වේ.

එපමණක් නොව මැතිවරණයට පෙර මෙම උපාධිධාරීන් කැඳවා සමුළු පවත්වා ඔවුන්ට රැකියා ලබාදෙන බවට ජාතික ජන බලවේගය පොරොන්දු ලබාදී තිබේ.එපමණක් නොව මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ 35000ට රැකියා ලබාදෙන බවයි.

එපමණක් නොව විරෝධතාවයේ නිරත උපාධිධාරීන් පවසන්නේ ගුරු සේවය තුළ පමණක් 40000ක පුරප්පාඩුවක් පවතින බවයි.

එසේ තිබියදී ආණ්ඩුව කරන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එකක් සහ කතාවලදී තව එකක් කීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...