ඈවර කරන්නට ගිය  ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තම කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් තිදෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරගත්තේ වර්තමාන ආණ්ඩුව නිර්මාණය කරගන්නා තුරුය . තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට සියලු විෂය පථයන් බෙදා වෙන් කරන අතරතුර සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කර අවසාන කිරීමට යෝජනා කර තිබිණි .

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට බරපතල විවේචනයක් මේ සම්බන්ධයෙන් එල්ලවන්නට පටන් ගත්තෙ  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙය හෙළිදරව් කිරීමෙන් අනතුරුවයි . එය මහා මැතිවරණ වේදිකාවේදී පවා කතා කිරීමට තරම් ප්‍රබල මාතෘකාවක් බවට පත්විය . ත්‍රිපෝෂ සමාගම ඇවරකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුව සාධාරණ පිළිතුරක් ලබා නොදුන්නද ආණ්ඩුවට හිතවත් විවිධ පුද්ගලයන් මේ හෙළිදරව්ව සම්බන්ධයෙන් තැන තැන හෙළිදරව් කළ අයට විවේචන එල්ල කරන්නට පටන් ගත්තා .

වර්තමාන ආණ්ඩුව නිර්මාණය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ ඒ අමාත්‍යාංශ වලට අදාළ විෂය පථයන් ගැසට් කිරීමේදී ආන්දෝලනයට තුඩු දුන් ත්‍රී පෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට කටයුතු කර තිබෙනවා .මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවරීම සිදුකර ඇත්තේ නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් නිශ්චය කරන ලද අංක 2412/ 08 දරන ගැසට් පත්‍රයට ප්‍රකාරවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...