ඈවර කරන්නට ගිය  ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට

Date:

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තම කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් තිදෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරගත්තේ වර්තමාන ආණ්ඩුව නිර්මාණය කරගන්නා තුරුය . තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට සියලු විෂය පථයන් බෙදා වෙන් කරන අතරතුර සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කර අවසාන කිරීමට යෝජනා කර තිබිණි .

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට බරපතල විවේචනයක් මේ සම්බන්ධයෙන් එල්ලවන්නට පටන් ගත්තෙ  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙය හෙළිදරව් කිරීමෙන් අනතුරුවයි . එය මහා මැතිවරණ වේදිකාවේදී පවා කතා කිරීමට තරම් ප්‍රබල මාතෘකාවක් බවට පත්විය . ත්‍රිපෝෂ සමාගම ඇවරකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුව සාධාරණ පිළිතුරක් ලබා නොදුන්නද ආණ්ඩුවට හිතවත් විවිධ පුද්ගලයන් මේ හෙළිදරව්ව සම්බන්ධයෙන් තැන තැන හෙළිදරව් කළ අයට විවේචන එල්ල කරන්නට පටන් ගත්තා .

වර්තමාන ආණ්ඩුව නිර්මාණය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ ඒ අමාත්‍යාංශ වලට අදාළ විෂය පථයන් ගැසට් කිරීමේදී ආන්දෝලනයට තුඩු දුන් ත්‍රී පෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට කටයුතු කර තිබෙනවා .මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවරීම සිදුකර ඇත්තේ නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් නිශ්චය කරන ලද අංක 2412/ 08 දරන ගැසට් පත්‍රයට ප්‍රකාරවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...