මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්න අනුමැතිය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුගේ අත්සනිනුත් ලිපියක් කතා නායකවරයා වෙත භාරදෙමින් ඉල්ලා තිබුණේ රාජ්‍ය සේවයේ ඉහළ විධායක නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වලට සමාන වන ලෙස තමන්ටද බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙසයි.

ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම එය එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහවෙත කතානායකවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් තමන්ගේ පාර්ශවයට මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා වාහන පර්මිට් ලබාදීමේ පොරොන්දුව රනිල් විසින්ද ලබාදෙන ලද්දකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...