හම්බන්තොට අලින්ට මළගම ළඟා කරන සෝලා ව්‍යාපෘතියක්

මේ සෝලාර් බලාගාරය ඉඩම් හෙක්ටෙයාර 121ක හදන්න යන්නෙ අන්දරවැව ඉන්ටර්චේන්ජ් එක ගාව අලින්ගෙ ගමන්මගේ මර්මස්ථානයේ. ඒ වුනාට හෙක්ටෙයාර 600ක් තනකොල වවන්න ඉල්ලනවා. මේක මෙගාවොට් 100ක් කිව්වට මුලු ප්‍රොජෙක්ට් එකම මෙගාවොට් 350ක්. තනකොල කන උන්ට නම් හොදයි මේ වගේ බොරු.

මේ වගේ සංවේදී තැනක සෝලාර් පවර් ගහන්න පරිසර වාර්තාවක් හදන්න තියා TOR දුන්න එකත් වැරදියි. මහවැලිය පැත්ත පලාතකවත් නැති තැනක මහවැලි අධිකාරිය ඉඩම් අල්ලගෙන තියෙන්නෙම මේ වගේ ඒවයින් කොමිස් ගහන්න. උන්ට අලිවත් ජලාශ ටිකවත් නෙවෙයි වටින්නෙ. මේ ස්තානයේ පිහිටීමෙ තියෙන ජලාශ ටික දැක්කම පේනව අලි ඇයි මේ හරියෙ වැඩියෙ ගැවසෙන්නෙ කියල.

රුපියල් මිලියන 700ක් වියදම් කරල මෙතන කනු උඩ අධිවේගී පාර හයි කරන්නෙම එතන අලින් වෙනුවෙන්. මහජන මුදල් කාබාසීනියා කරන්න තීන්දු ගන්න මහවැලියට පුලුවන්ද? මේ ඉඩම් අල්ලන්න එන්නෙ දේශපාලන හයියක් එක්කයි කියලත් ආරංචියි. හරිනම් ඇමති ලාල්කාන්ත ප්‍රශ්න කරන්න ඕන මේ වගේ ව්‍යාප්ෘතියකට අඩ්තාලම දමන්න උදව්කරපු මහවැලි අධිකාරියෙ පුද්ගලයන්ව.මේ වගේ තීන්දු ගන්න Un(sustainable) Energy Authority වගේ ආයතන වල උන්ගෙ මොලේ වර්ධනය වෙලා නෑ වගේ තවම.

Hemantha Withanage

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...