ඉන්දියාවේ වායු දූෂණය ඉහළ යාම ලංකාවට බලපාන හැටි

කොළඹ නගරය සහ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්ව දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි.

ඒ අනුව මේ දිනවල දක්නට ලැබෙන මීදුම හෝ මීදුම ස්වභාවික සංසිද්ධියක් නොවන බව එම ආයතනය පවසයි.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ දූෂිත වාතය රැගෙන ඉන්දියාවෙන් සුළං ධාරා පැමිණීමයි. ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ශීත සමය උදාවීමත් සමඟ මෙම වැඩිවීම සිදුව ඇත. දිල්ලි නගරය අවට වායු තත්ත්ව දර්ශකය ඊයේ 323ක් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ඊට පෙරදින එම අගය 354ක් වී තිබුණි.

වායු තත්ත්ව දර්ශක (AQI) දර්ශක අනුව යාපනයේ 212, ගම්පහ 189, දඹුල්ල 170, කොළඹ 169, මහනුවර 161, මීගමුව 170, සහ අම්බලන්තොට 157.

මෙය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.

වායූ දූෂණ අවස්ථාවකදී ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි අතර එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකිසිටීම වැදගත් බව වෛද්‍යවරුන් පවසයි.

තව ද නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකිවේ.

එසේම නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බව වෛද්‍ය මතයයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...