Breaking News

ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම යුධ පිටියක් කිරීමටද?

සෙනසුරාදා ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වනු ඇති බවට ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.

මේ අතර ඇමරිකාව සෙනසුරාදා එල්ල කළ ඉරානයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ හෙළා දැකීමෙනි. ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමරිකාවේ කැපවීම යලි තහවුරු කරමින් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිචාර දක්වා තිබේ. G7 කණ්ඩායම කැඳවා ඇති රැස්වීමෙන් ජනාධිපති ජෝ බයිඩ්න්ට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයට කාලය ලැබෙනු ඇත.

ලෝක බලවතුන්ගෙන් සමන්විත G7 කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “අපි … ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ සෘජු හා පෙර නොවූ විරූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා” යනුවෙනි. “ඉරානය, කලාපයේ අස්ථාවරත්වය වර්ධනය වන ආකාරයේ පියවර ගෙන ඇති අතර පාලනය කළ නොහැකි කලාපීය ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇත.”

හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ දා සිට මැදපෙරදිග පුරා පැතිර ගිය යුද්ධයේ මෙම මෑතකාලීන තීව්‍රතාව ආරම්භ වූයේ, සති දෙකකට පෙර ඊශ්‍රායලය, ඩැමස්කස්හි ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රයට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී ය. අප්‍රේල් 01 වන දා එල්ල වූ එම ගුවන් ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ ජෙනරල්වරයෙකු, ඔහුගේ දෙවැන්නා සහ තවත් සහයකයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පැවැත්විය.

ඉරානය ප්‍රහාරය ආරම්භ කිරීමට තෝරා ගත්තේ, සුපර්සොනික් බැලස්ටික් මිසයිලවලින් නොව, ඉලක්ක වෙත ළඟා වීමට පැය දෙකක කාලයක් ගත වන රේඩාර් තිරවල තිබූ මන්දගාමී ඩ්‍රෝන යානා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ඊශ්‍රායලයේ දරුණුතම සතුරාගෙන් බොහෝ විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා විශාල ප්‍රහාරයක් විය. බොහෝ ඊශ්‍රායල ජාතිකයින්ට තමන්ගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට හේතු රැසක් තිබේ.

මේ අතර ඇතැම් දේශපාලන විචාරකයන් පවසන පරිදි ඉරාන ප්‍රහාරය ඊශ්‍රායලයට එරෙහි පූර්ණ-පරිමාණයේ ප්‍රහාරයක් නොවේ. ඉරානය වසර ගණනාවක් තිස්සේ සිය රොකට් සහ මිසයිල බලය ගොඩනගමින් සිටී. එය තවත් බොහෝ ආයුධ භාවිත කිරීමට ඉඩ තිබිණි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සම්පූර්ණ ප්‍රහාරයකට සම්බන්ධ වීමට ඉඩ තිබූ අතර එය එසේ නොවීය.

ඊශ්‍රයල ආරක්ෂක අංශ ඉරාන ප්‍රහාරයන් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ලෝකයේ හොඳම ගුවන් ආරක්ෂක පද්ධතියක්(air defence systems) හිමි ඊශ්‍රයලය භුමිය ඉලක්ක කරගනිමින් ඉරානය පෙර නොවූ විරූ, පළිගැනීමේ ප්‍රහාරය සනිටුහන් කර ඇති බවත්, ඇමරිකා එක්සත් ජනපදයේ සහයද සහිතව මිසයිල සියල්ලම විනාශ කිරීමට ඔවුන්ට හැකි වූ බවත්ය.

මේ අතර ඉරාන ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද අප්‍රේල් 14වනදා රැස්විය. දැන්, ඊශ්‍රායලයේ ක්‍රියාවට ඉරානයේ ප්‍රතිචාරය හෙළා දැකීමට සියලු බලවත් රටවල් එකට එකතු වෙමින් සිටියි. ඉරානයේ ක්‍රියාව බොහෝ දුරට සංකේතාත්මක වූ බැවින් මෙය වඩාත් කැපී පෙනේ.

දේශපාලන විචාරකයන් පවසන්නේ ගාසා තීරයේ ජන සංහාරය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර එය ඉතා ඉක්මනින් මුළු ලෝකයම පුරා පැතිර යාහැකි බවයි.

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව පසුගිය දින පුරා සාකච්ඡා කරමින් සිටි අතර, පැහැදිලිවම එරට දේශපාලන කණ්ඩායම් තුළ බෙදීමක් පවතින බව පෙනෙන්නට තිබේ. එපමනක් නොව, ඊශ්‍රායලය මැද පෙරදිග අධිරාජ්‍යවාදයේ ප්‍රහාරක මුර බල්ලා වන අතර, එක්සත් ජනපදය එය කරන්නේ කුමක්ද යන්න පිළිබඳ පූර්ණ පාලනයක් නැත. කෙසේ වෙතත්, බයිඩන් පරිපාලනය යලිත් තහවුරු කර ඇත්තේ ඊශ්‍රායලය ක්‍රියාමාර්ගයක් ගතහොත් එයට එක්සත් ජනපද ආන්ඩුවේ පූර්ණ සහයෝගය ලැබෙන බවයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේ, “ඊශ්‍රායල් වැසියන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ඔවුන්ට භාරයි.”
“ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ සහාය වෙනස් නොවනු ඇත. ”

එක්සත් ජනපදය ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූයේ ඉරානය කේන්ද්‍රීය ඉලක්කය කර ගනිමින් මැද පෙරදිග පුරා ප්‍රධාන මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමෙනි. එක්සත් ජනපදය පසුගිය මාස හය තුළ නීති විරෝධී ගුවන් ප්‍රහාර දුසිම් ගනනක් දියත් කිරීමට භාවිතා කරන යුධ නැව් සහ ගුවන් යානා සිය ගනනක් කලාපයට යවා තිබේ. යුරේසියාවේ හදවතෙහි පිහිටා ඇති ඉරානය යටත් කර ගැනීම, එක්සත් ජනපදයට ගෝලීය මිලිටරි ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

 

 

 

 

 

leave a reply