ජන්ද විමසීම අවසන් – 60% ක් ඡන්දය ප්‍රකාශ කරලා

09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය. දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවල සියයට 60ක බහුතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,885 ක සුදුසුකම් ලැබූ ලියාපදිංචි ඡන්ද දායකයින් 16,263,885 පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

මෙරට පවතින COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මෙවර මැතිවරණ කටයුතු පවත්වන ලද පැවසුනත් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බවට චෝදනා එල්ල වේ.

හෙට දිනයේ දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ. කෙසේ වුව ද, පෙර තිබූ මැතිවරණ වලට සාපේක්ෂව මෙවර 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉතා සාමකාමීව සිදු වූ බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර සිටී. මේ අතර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිතව සහ සාමිකාමීව පැවැති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් ද ප්‍රකාශ කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ රත්නපුර 70%, ත්‍රිකුණාමලය 69%, මාතලේ 68%, කෑගල්ල 67%, මහනුවර 65%, මොණරාගල 65%, ගම්පහ 62%, කොළඹ 60%, කළුතර 60%, ගාල්ල 60%, පුත්තලම 60%, යාපනය 57%, පොළොන්නරුව 55%, නුවරඑළිය 65%, දිගාමඩුල්ල 68%, මඩකලපුව 69%, යාපනය 57%, අනුරාධපුරය 52%, පොළොන්නරුව 55%, මොණරාගල 65%, බදුල්ල 50%, වන්නි 55% ක් පමණ වන බවයි දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කළේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...