හොරණ බොඩිලයින් ඇඟළුම් කම්හලෙන් තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්

හොරණ බොඩිලයින් ඇඟළුම් කම්හලේ PCR පරීක්ෂණයට ලක් කළ තවත් 250 දෙනෙකු අතරින් 23 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මීට පෙර එම ඇඟළුම් කම්හලෙන් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබුණු අතර ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 57ක් දක්වා ඉහළ නැඟ තිබේ.

පෙරේදා දිනයේ PCR පරීක්ෂාවට ලක් කළ තවත් 200 දෙනෙකුගේ පමණ වාර්තා පැමිණීමට නියමිතව ඇති අතර ඊයේ දිනයේදීත් 750 දෙනෙකුගේ සාම්පල ලබාගෙන තිබිණි.

මෙම ඇඟළුම් කම්හලෙහි සමස්ත සේවක සේවිකාවන් සංඛ්‍යාව 6,000ක් පමණ වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...