ඉන්දීය බලහත්කාරී ගිවිසුම්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය ලිපියක් බාරදෙයි

Date:

ලංකාවේ ජනතා සම්පත් උදුරා ගැනෙන සහ දේශපාලන – ආර්ථික ස්වෛරීත්වය අභියෝගයට ලක්වන ගිවිසුම් අත්සන් කිරීමට විරෝධයට පළ කරමින් ශ්‍රී ජන අරගල ව්‍යාපාරය විසින් ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් බාර දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ කළ සංචාරය අතරතුර සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර පහකට අයත් ගිවිසුම් අත්සන් කළ බව වාර්තා විය. ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නලයක් එලීමේ ගිවිසුමක්, ඉන්දියාව සහ ලංකාව අතර විදුලි සම්ප්‍රේෂණය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්, ඉන්දියාව සහ ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් තැනීමේ ගිවිසුමක් සහ ඉන්දියානු රුපියල ලංකාවේ වෙළඳ හා වාණිජ කටයුතු වලට යොදා ගන්නා මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමේ ගිවිසුමක් ආදී විවාදාත්මක ගිවිසුම් මේ අතර තිබේ. ත්‍රිකුණාමලය ජාතික හා කලාපීය කාර්මික, බලශක්ති හා ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවී ඇත.

ජන අරගල ව්‍යාපාරය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම් හරහා ත්‍රිකුණාමලය වරාය ඇතුළු ජනතා සම්පත් ගණනාවක මෙහෙයුම් බලය ඉන්දියාවට ලැබෙන අතර ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය සහ දේශපාලන ස්වෛරීත්වය පවා මේවායෙන් තර්ජනයට ලක්වෙන බවයි. ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ලබාදුන් ඉන්දීය ණය සමග මෙවැනි අත්තනෝමතික කොන්දේසි බලෙන් පටවා තිබෙන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙන අතර එවන් බලහත්කාරයක් හරහා මෙකී ගිවිසුම් අත්සන් කරවාගෙන ඇත්නම් එය ඉතා බරපතල වරදක් බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් දුමින්ද නාගමුව, වසන්ත මුදලිගේ, ජෝතිරාජ් ජෙගන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...