හමුදාවට බාර දුන් දරුවන්ට සිදුවූවේ කුමක්ද? වසර 07ක් පුරා උත්තර නොලැබුණු පැනය

බලහත්කාරයෙන් අතුරුදන්කරවූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් සිය ආදරනීයයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකරන අඛණ්ඩ විරෝධතාවට සත් වසරක් පිරීම නිමිත්තෙන් කිලිනොච්චියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. මෙය ලාංකික ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සිදුකරන අඛණ්ඩ අරගලයකි. මේ වනවිට සිය දරවන්ට කුමක් සිදුවීද යන්න දැනගැනීමට හැකියාව නොලැබම දෙමාපියන්ගෙන් විශාල ප්‍රමාණයක් ජීවතය හැරගොස් ඇත. යුද්ධය අවසන්ව දශක එක හමාරක කාලයක් ගතව ඇතත් තවමත් ඔවුන් වෙනුවෙන් ඉටුවූ යුක්තියක් නැත.

හැම ආණ්ඩුවක් හරහාම ලැබී ඇත්තේ පොරොන්දු පමණි.

ලංකාවේ ආණ්ඩුව පසුගිය ජනවාරි මාසයේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා යයි පවසමින් සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාව නමින් නව කොමිසමක් ගැසට් කොට තිබේ. මේ හරහා දශක තුනක යුද්ධයේ ගැඹුරු බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ සංහිඳියාව හා එකමුතුකම සඳහා මග පෑදීම අරමුණු කරන බව ආණ්ඩුව පවසයි.

නමුත් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සොයාබැලීමට තවත් කොමිසමක් පිහිටුවීමට පෙර පෙර පැවති කොමිෂන් සභා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාවේ යොදවන ලෙසයි.

එසේම පෙර පැවති කොමිෂන් සභා විසින් ඉදිරිපත් කළ වාර්තා ප්‍රකාශයට පත්කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. මෙම නව කොමිසමට පෙර සත්‍යය සෙවීම සඳහා ලංකාවේ විවිධ ආණ්ඩු විසින් අවම වශයෙන් පිහිටුවා ඇති කොමිෂන් සභා 36 ක් පමණ වේ.

නමුත් මෙතෙක් කාලයක් කිසිදු යුක්තියක් ඉටු නොවූ බව ඥාතීන් පවසයි. අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන පවසන ආකාරයට “කම්පනයට කරුණ නම්, මෙම කොමිෂන් සභා තුනෙන් එකක, එනම් 14 ක වාර්තා කිසිදා ප්‍රකාශයට පත් කර නොතිබීමයි. බොහෝ ලිපි ලේඛන ඩිජිටල් කර ඇතත් රජයේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇත්තේ අල්පයක් පමණි. ඇත්ත වශයෙන්ම, පසුගිය කොමිෂන් සභා මගින්; ප්‍රකාශිත වාර්තා 22 න් අපට සොයා ගත හැකි වූයේ වාර්තා 11 ක පිටපත් පමණි.”

 

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...