ටිල්වින් අනුර ඇතුළු පිරිසට තවදුරටත් ඉතිහාසය අදාළ නොවේ.

Date:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් අද මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙනවා. මේ මාධ්‍ය හමුවේදී ඔහු අවධානය යොමු කරන කාරණය පිළිබඳව වඩාත් බරපතල විදිහට අවධානය යොමු කළ යුතුව තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ. නමුත් කුමාර් ගුණරත්නම් මතු කරන ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයට අදාළ බරපතල අවලාද කරුණු විකෘති කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු මැදිහත්වීමක් නොකර මගහරිමින් සිටිනවා.

මොකක්ද මේ බරපතල කරුණ.

සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ඔවුන්ගේ ප්‍රතිවාදියා ලෙස තෝරාගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හවුල්කාරීත්වයෙන් නිර්මාණය කර තියෙන ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගය ජනතාව අතර අප්‍රසාදයට ලක්කර දේශපාලනික වශයෙන් දුබල කිරීමට සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම තෝරා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයට අදාළ 88-89 ඉතිහාසයයි. මේ ඉතිහාසය මතක් කරමින් සමගි ජන බලවේග වේදිකාව මත දී චම්පික දලස් අලහප්පෙරුම වැනි පුද්ගලයන් මතවාදීමය වශයෙන් භීෂණයක් ඒ තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්. සජිත් ප්‍රේමදාසගේ වේදිකාව මත හිඳගෙන චම්පික ඩලස් වැනි පුද්ගලයන් මතක් කරන මේ ඉතිහාසයේ භීෂණයේ චූදිතයා බවට පත්වී ඉන්න පුද්ගලයන් අතර එක්කෙනෙක් තමයි ඔය කියන සජිත් ප්‍රේමදාසගේ තාත්තා. රණසිංහ ප්‍රේමදාස. ජේ.ආර් රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ඇතුළු එදා ඒ පාලනයේ හිටපු නඩේ එකතුවෙලා නිර්මාණය කරපු භීෂණය පිළිබඳව කිසිදු වචනයක් නොකියා අසූවට අසූ නමයේ ජනතා විමුක්ති පෙරමුණ රට භීෂණයකට ඇදගෙන ගියා යැයි කියන මුසාවට එරෙහිව ඒ ඉතිහාසයට වගකියන මිනිස්සුන්ට ඔහේ කට පියාගෙන ඉන්න බැරි බව අද මේ මාධ්‍ය හමුවේදී කුමාර් ගුණරත්නම් පෙන්වා දුන්නා. ඒ ඉතිහාසයට ඔහු වගකිව යුත්තෙක්. එනිසා ඉතිහාසය විකෘති කරමින් ඒක පාර්ශිකව ඊට අදාලව කරුණු ඉදිරිපත් කරද්දී දේශපාලන උවමනාවන් වෙනුවෙන් සහ ජනතාව භීතියට පත් කරන්නට දේශපාලන වේදිකාව යොදා ගනිද්දී ජනතා විමුක්ති පෙරමුණ කොහොමද කට පියාගෙන ඉන්නේ.

ටිල්වින් අනුර ඇතුළු පිරිසට තවදුරටත් ඉතිහාසය අදාළ නොවන බව වර්තමාන ජාතික ජන බලවේග වේදිකාව මත කරන ප්‍රකාශ තුළ සහ ඔවුන් මේ වන විට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ පොරොන්දු පත්‍රය තුළින් පෙන්වා දී තියෙනවා. කෙසේ වෙතත් අවම සදාචාරයක් හරි ඇති මිනිසුන් නම් මේ මොහොතේ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා කරන මේ දුෂ්ඨ විකෘති කිරීමට එරෙහිව හඬක් නගමින් පෙනී සිටීමක් කළ යුතුයි.

එය අද සිදුවීම සමාජාදය බලාපොරොත්තුවෙන් මියගිය සහ තවදුරටත් අපේ රටේ සමාජවාදය පිළිබඳව අදහසක් තියෙන මිනිසුන්ගේ හෘද සාක්ෂියට සාධාරණය ඉෂ්ට කිරීමකි .

නමුත් එය ට්‍රිල්වින් අනුර අතින් සිදු නොවන්නේ ඔවුන් තවදුරටත් නියෝජනය කරන කඳවුර 88-89 ජනතා විමුක්ති පෙරමුණ තුළ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඒ මිනිස්සුන්ගේ අභිප්‍රාය නියෝජනය නොකරන බැවින් බව පැහැදිලි. එනිසා ඔවුන්ට එවන් විකෘති කිරීම් අදාළ නොවේ. ඔවුන්ට අදාල වන්නේ කුමන හෝ විදිහකට මේ ජනාධිපතිවරණය තුළ තමන්ගේ බලය තහවුරු කර ගැනීම පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...