බඩු මිල අඩුකරන්න බැරි ආණ්ඩුව මිල පරාසයක් අරගෙන එයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් නිකුත් කර තිබේ.

මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් මෙම මිල පරාසය නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවසීය.

තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, බිත්තර, ටින් මාළු, කැකුළු සහල්, නාඩු සහල් සහ කුකුල් මස් සඳහා මෙසේ මිල පරාසයක් නිකුත් කළ බව ද සභාාපතිවරයා කීය.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සාමාන්‍ය තත්ත්වය වන්නේ පාලන මිලක් දමා තිබියදී වුවද මිල පාලනය කිරීමට රජය අපොහොසත් වීමයි. මෙවැනි මිල පරාසයන් දැමීම හරහා කිසිදු ආකාරයකින් භාණ්ඩ මිල අඩු නොවන අතර ජනතාවට කිසිදු වාසියක් නොලැබෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...