බඩු මිල අඩුකරන්න බැරි ආණ්ඩුව මිල පරාසයක් අරගෙන එයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් නිකුත් කර තිබේ.

මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් මෙම මිල පරාසය නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවසීය.

තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, බිත්තර, ටින් මාළු, කැකුළු සහල්, නාඩු සහල් සහ කුකුල් මස් සඳහා මෙසේ මිල පරාසයක් නිකුත් කළ බව ද සභාාපතිවරයා කීය.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සාමාන්‍ය තත්ත්වය වන්නේ පාලන මිලක් දමා තිබියදී වුවද මිල පාලනය කිරීමට රජය අපොහොසත් වීමයි. මෙවැනි මිල පරාසයන් දැමීම හරහා කිසිදු ආකාරයකින් භාණ්ඩ මිල අඩු නොවන අතර ජනතාවට කිසිදු වාසියක් නොලැබෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...