මෙවර අය වැය යෝජනාවලිය තුළ ඉදිරිපත් කරන රජයේ ඉඩම් පුද්ගලික අයිතියට නිදහස් කිරීමේ යෝජනාව ඉතා වැදගත් සහ කාලීන යෝජනාවක් බව බවට වන මතය මේවනවිට රනිල්ගේ කේවට්ටයන් හරහා ජනප්‍රිය කරමින් තිබෙන්නකි.
එහිදී බොහෝ දෙනෙක් පවසන්නේ ඉඩම් රජය සතුව පැවතීම වෙනුවට ජනතාවට දේපොළ අයිතිය ලැබීම මානව අයිතියක් බවයි. ඒ හරහා ගොවි ජනතාව ඇතුළු ග්‍රාමීය ජනතාවගේ ඉඩම් අයිතිය සහතික වෙන බවයි.
නමුත් මේ අයිතිවාසිකම් නැමති කොළවල දවටා සත්‍ය ලෙස පැමිණෙන්නේ මෙපමණ කලක් කරගැනීමට නොහැකිව තිබූ ඉඩම් වෙළඳපොලට නිදහස් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි.
ඉඩම් අයිතිය ජනතාවට ලබාදෙන බව පවසමින් රජයේ විශේෂ ඉඩම් විධි විධාන පනත නමින් යහපාලන ආණ්ඩුව සමයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමයේද මෙම උත්සාහය ගෙන තිබේ. නමුත් එල්ල වූ විරෝධතා නිසා එම උත්සාහයන් ව්‍යර්ථ විය.
මේ හරහා අත්තටම සිදුවීමට නියමිතව ඇත්තේ ඉඩම්වල අයිතිය ජනතාවට ලබාදීම නොව සමාගම්වල ග්‍රහණයට නතු කිරීමයි.
ලංකාවේ සියයට 80ක් පමණ ඉඩම්වල අයිතිය තිබෙන්නේ රජයටයි. එම ඉඩම් බලපත්‍ර හරහා විවිධ කටයුතු සඳහා ජනතාවට ලබාදී තිබේ. නමුත් එම ඉඩම් විකිණීමට , උගස් කිරීමට, ඇපයට තැබීමට නොහැකිය. නමුත් දැනට ඇතැම් මූල්‍ය සමාගම් නීති විරෝධී ලෙස මෙම ඉඩම් බලපත්‍ර තබාගෙන ණය ලබාදීම සිදුකරයි. විශේෂයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රයේ මෙය කැපී පෙනේ.
ආර්ථික වශයෙන් ඉතා අසරණ භාවයට ඇද දමා සිටින ගොවි දිස්ත්‍රික්කවල මෙය කැපී පෙනෙන ලෙස වාර්තා වෙමින් පවතියි.
ඉඩම් සින්නනක්කරවම ලියා දීම හරහා සිදුවීමට නියමිත වන්නේ ඉඩම් හිමිවෙන ජනතාව එම ඉඩම් විකිණීම හෝ උගසට තබා ණය ගැනීමයි. දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව ගොවි තැන කරමින් සිටින්නේ විශාල වශයෙන් ණය ගැනීම හරහායි. එසේම ආර්ථික අවශ්‍යතා සඳහා මෙම ඉඩම් උගස් කිරීම හෝ විකිණීම අනිවාර්යයෙන් සිදුකරනු ඇත. මේ හරහා මූල්‍ය සමාගම්වලට සහ මහා පරිමාණ සමාගම්වලට කුණු කොල්ලයට මෙම ඉඩම් ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනු ඇත. අවසානයේ සිදුවෙනු ඇත්තේ ජනතාවට ඉඩම්වල අයිතිය ලැබීම නොව ජනතාවට ඉන්න හිටින්න ගොවිතැනක් බතක් කරගැනීමට නොහැකි වන ලෙස ඉඩම් ටික සමාගම් කිහිපයක් අතට පත්වීමයි.
ප්‍රගතිශීලි වේශයෙන් එන මෙවැනි යෝජනා සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.