නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දිනාගැනීම වෙනුවෙන් සටන් වැදුණු සිසු විරුවන් සැමරේ!

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ඇතුළු ජනතා අයිතීන් දිනා ගැනීමට දිවිහිමියෙන් සටන් වැදුණු සිසු විරුවන් සිහි කෙරෙන ශිෂ්‍ය වීර දින සැමරුම අද ‘ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ’ තේමාව යටතේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් පැවසුවේ මේ මොහොතේ ලෝකය දශමයකින් හෝ වෙනස් කිරීමට සිහින දකින පිරිස් වෙත සිසු විරුවන් ජීවිත කැප කරමින් ආදර්ශ සැපයු බවයි. එසේම මේ මොහොතේ අධ්‍යාපන ආයෝජනා කළාප, ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය, online අධ්‍යාපනය හරහා අධ්‍යාපනයට වෙන්කරන මුදල් කප්පාදුවටත් පාලකයන් උත්සාහ කරමින් නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය කොල්ලකෑමට අදාළ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ජිනරතන හිමියන් පැවසීය.

එසේම එම හිමියන් වැඩි දුරටත් පැවසුවේ,
මොහොමඩ් නිෂ්මි සහෝදරයා වරක් සඳහන් කර තියෙනවා ” හොඳ දේ කිරීමට අමාරුයි. හොඳ දේ කළවිට ඒවා වටිනා හා ලස්සන දේ වේ. පහසු දේ කරන්නට ඕනෑම කෙනෙකුට හැකිය. එසේම ඕනෑම කෙනෙක් ඒවා සිදුකරයි. නමුත් ඒවා වටිනා හා ලස්සන දේ වන්නේ නැත. එහෙයින් අනෙක් අය පසුබාන, අනෙක් අය අතහරින, අසීරු හොඳ කටයුතු අප බාර ගතයුතුය. අප ඒවා කළ යුතුය, ඒවා කළ හැකිය. නිෂ්මි සහෝදරයා කිව්ව වගේ මේ මොහොත කියන්නෙ හොඳ දේ කළ යුතු බව කළ හැකි බව විශ්වාස කරන දහස් ගණනක් වීරවරියො, වීරවරු අවශ්‍ය මොහොතක්.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...