පමා වූ සටහන.. – යසිකා විජේසිංහ

බුද්ධිකා අබේසුන්දර ගේ “එකයි බාග දෙකයි” කියවා කාලයක් ගත වී ඇයගේ දෙවන පොත ද, නිකුත් වී , ඇය ඇරියස් ද කවර් කර හමාර වී ඇති මේ මොහොතේ එකයි බාග දෙකයි පිළිබඳව සටහනක් තැබීම ඇත්තෙන්ම විහිළුවක් සේ සිතෙන්නටත් පුළුවන. එහෙත් හිතට තදින් දැනුනු පොතක් ගැන අකුරක් නොලියා නිහඬව සිටීමත්, ඒ ගැන කිසිවක් නොපවසාම ඊලඟ පොත කියවන්නට පටන් ගන්නටත් මගේ හිත මට ඉඩ නොදෙයි.

එකයි බාග දෙකයි පිට කවරේ සිටම වෙනස්ම කතාවකි. ඇතැම් පොතක පිටකවරයද අවසානයේ කියවිය යුතු බව මම දැන් හොඳින් දනිමි. එකයි බාග දෙකයි යනු නිමේෂයකින්..එසේත් නැතහොත් එක් අහඹු සිදුවීමකින් ..වරදවා වටහා ගැනීමකින් ..නිදහසට කරුණු කියන්නටවත් ඉඩ නොලැබීමකින් වෙනස් විය හැකි පරම්පරාවක ඉරණම් කතාවක් යනු කුමන අන්දමේ එකක්දැයි අපට හඳුන්වා දෙන්නකි.

නිර්මලාගෙන් ආරම්භ වී රසාංගී ගෙන් අවසාන වූ කතා පුවතේ ඇතුලත් වන්නේ එවන් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ පානා ගැහැනුන්ගේ කතාවයි. එකම තැනක් වෙනස් වුනි නම් පරම්පරාවක වෙනස්වීමක් විය හැකි නොවේදැයි යලි යලිත් සිතන්නට පොලඹවනා කතාවක් ලෙස එකයි බාග දෙකයි දකින්නට මම කැමැත්තෙමි.

එකිනෙකට පරස්පර පරිසරයන් මෙන්ම එකී පරිසර වල වෙසෙනා මිනිසුන්ගේ ජීවිත වල කතාවන් ..එකී ජීවිත ගලා යන රිද්මයන් අපේ හිත්වල ලියන්නට බුද්ධිකා නංගී සතු හැකියාව ගැන කියන්නට සමත් වචන මා සතුව නැත. හැටේ වත්තේ පරිසරය ඇය අපේ හිත්වල මවන්නේ උපන්දා සිට එහි ජීවත්වන්නියක ලෙසිනි. ජරාවට පත්වූ දේශපාලනයත් , එකිනෙකා පරයා නැගී සිටින්නට පාදඩ ගනයේ උපක්‍රම යොදා ගැනීමත් , එහි ඉත්තන් වන අහිංසක ජීවිත පිළිබඳවත් අවසානයේ එකී මඩ ගොහොරුවේ නොගිලෙන්නට එවැනිම උපක්‍රම භාවිතා කරන්නට සිදුවීමත් එකී ජීවිතවල අවාසනාවන්ත බව කියා පායි. කෙටියෙන් කිවහොත් එකින් එක අංග ගෙන හැර පාන්නට උවමනා නැත. සමස්ත කතාවම ඇගේ දක්ෂතාවය පිළිබඳව අපට නැවත නැවතත් ඔප්පු කර හමාරය.

මෙතෙක් පොත නොකිය වූ යමෙක් ඇත්නම් එය කියවා බලන්නැයි මම ආරාධනා කරමි. එය අනිවාර්යෙන්ම ඔබ කියවූ හොඳම පොත් අතරින් එකක් වනු ඇත. බුද්ධිකා නංගී..ඔබ රසික හදවත්වල කියවීමේ පිපාසය ඇති කරන්නියක් බව යලිත් තහවුරු කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...